මහින්ද ඉල්ලා අස් වේ ! නන්දික යයි, ප්‍රභාත් එයි.
1 min read
වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් පාලන තන්ත්‍රයන් තුනක් නියෝජනය කරමින් කටයුතු කළ මහින්ද සමරසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (20) බාර දී තිබේ. ඒ අනුව නුදුරු දින කිහිපය තුළ ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.
එසේ පැමිණෙන ඔහුට අමාත්‍ය තණතුරක් ලබා දීමට නොහැකි බැවින් (ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන නිසා) මුදල් අමාත්‍යංශය යටතේ වන ප්‍රධාන පෙලේ තණතුරක් ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඇතැම් ආරංචි මාර්ග පවසන්නේ බොහෝ දුරට ඔහු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයට පත් කරනු ඇති බවයි.
ජනාධිපති ලේකම් නන්දික කුමානායක මහින්ද සමරසිංහගේ ඉල්ලා අස්වීමෙන් හිස්වන ඇමරිකානු තානාපති තණතුරට පත් කිරීමට නියමිතව තිබේ. අපගේ ආරංචි මාර්ග පවසන්නේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති (ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී) ජනාධිපති ලේකම් වශයෙන් පත් කිරීමට ද නියමිතව ඇති බවයි.
- රවී කරුණාමුණි –
