June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩිජිටල් හැඳුනුම්පත් සැකසීමේ ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානමක් – විමල් වීරවංශ

1 min read

ඩිජිටල් හැඳුනුම්පත් සැකසීමේ ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමට, විපක්ෂයේ සිටියදී වත්මන් ජනාධිපතිවරයා විරුද්ධ වුවත්, මේ වන විට මාලිමා ආණ්ඩුව එය මුළුමනින්ම ඉන්දියානු සමාගමකට පැවරීමට සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පැවැසීය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාලයේදී ආරම්භ වූ මෙම කටයුතු වෙනත් රටකට භාරදීමෙන් මෙරට දත්ත පිටස්තර පුද්ගලයන් අතට පත්වීමේ අවදානම ගැන කතා කළ වත්මන් ජනාධිපතිවරයාම දැන් එම කටයුතු ඉන්දියානු සමාගමකට කොන්දේසි විරහිතව පවරා දීමට සූදානමින් සිටින බවද විමල් වීරවංශ පෙන්වා දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරුන්ගේ කාලයේදී මේ සම්බන්ධයෙන් ඉන්දියානු සමාගම් සමග සාකච්ඡා කර තිබුණත්, ඔවුන් සෑම අයවැයකදීම මෙරට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දෙපාර්තමේන්තුවට මෙම ව්‍යාපෘතියට අදාළ මුදල් වෙන් කළ බවද හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පෞද්ගලික රූපවාහිනි නාළිකාවක් සමග පැවැත්වුණු සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

මෙරට පවතින නීතිය අනුව ඩිජිටල් හැඳුනුම්පත සැකසීමේ බලය ඇත්තේ හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවට වන අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හෝ ඉන්දියානු සමාගමකට එවැනි බලයක් නැති බවත්, මේ වන විට හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව එම කටයුතුවලින් සියයට 99ක් පමණම අවසන් කර ඇති බවත් විමල් වීරවංශ මෙහිදී පෙන්වා දුන්නේය.

ජනප්‍රිය පුවත්  ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

ඒ අනුව අදාළ හැඳුනුම්පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ කටයුතු තෝරාගත් පිරිසකට අත්හදා බැලීම සඳහා ද දෙපාර්තමේන්තුව විසින් ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇති බවත් මෙම වැඩසටහන ඉන්දියානු සමාගමකටම මුළුමනින්ම පැවරීමට සූදානම් වෙන්නේ එවැනි තත්ත්වයකදී බවත් ඔහු කීය.

කෙසේ වෙතත් මේ හරහා මෙරට ජනතාවගේ ඇඟිලි සලකුණු, ඇසේ කළු ඉංගිරියාව, රුධිර වර්ගය ආදී ජෛවමිතික තොරතුරු රැසක් අදාළ සමාගම සතුවන බවත්, ඒ හරහා මෙරට ජාතික ආරක්ෂාව බරපතළ අනතුරකට ලක්වීමේ අවදානමක් මතුව ඇති බවත් විමල් වීරවංශ පෙන්වා දුන්නේය.

ඒ තුළින් මෙරට ජාතික ආරක්ෂාව අනතුරට ලක් වන බව දැන දැනම ඉන්දියාව කියනා ඕනෑම දෙයකට එකඟ වන තත්ත්වයකට ජනාධිපතිවරයා ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව පත්වී ඇති බවද හිටපු අමාත්‍ය විමල් වීරවංශ මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x