ගුටි කෑවේ ටිල්වින් ! ගැහුවේ කවුද ?
1 min read
ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ මට්ටමේ නායකයකුට පහරදීමක් සිදුව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළමුව ඉඟි පළ කළේ ජනාධිපතිවරයාගේ හා ජ.වි.පෙ ප්‍රධාන ලේකම්වරයාගේ සමීප මිතුරකු වන උවිඳු කුරුකුලසූරිය විසිණි. ඔහු ඒ ගැන පළමුව සටහන් කර තිබුණේ ” ඊයේ අතින් පයින් ගහගෙන නේද ? හරිම ඛේදනීයයි !” යනුවෙනි. ඒ පසුගිය 8 වැනිදා ය.

එම සටහන දැමීමට පෙර ඔහු එදිනම සිය මුහුණු පොතේ සඳහන් කර තිබුණේ, “අරය” ඒ කියන්නේ ලොකුම සේදුම් යන්ත්‍රය ඇයි මේ සතියේ පාර්ලිමේන්තු ඇවිත් හේදුවෙ නැත්තෙ ? තර්ක නැහැ හෝදන්න ! එච්චරටම කෙලවිලා ! එයාටත් හෝදන්න බැරි ඒවා මැරි මැරි චූටිම චූටි මැෂින් හෝදන විදිය දැක්කම දුක හිතෙනවා ! “අරය” මේ ටිකේ ජාතියටම අමත අමත ඉන්නේ. හෙට බලන්න්කෝ ! යනුවෙනි

ඉන් අනතුරුව මෙදින (10) මීට පැය 16 කට පෙර ඔහු තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කර තිබුණේ “ඉදිමුම බැස්සම ප්‍රෙස්කොන්ෆර්න්ස් තියල වැඩක් තියෙනව ද බං ! පෙරේදම එකක් තියන්න තිබ්බේ, වියට්නාමෙ ලොක්කා ආපු එක ගැන” යනුවෙන්ය. ඒ ඒ වන විට අදාළ ගැටුම පිළිබඳ පැතිරී යන රාවය ගැන ටිල්වින් සිල්වා “එවැන්නක් සිදු වී නැතැයි” ප්‍රසිද්දියේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.

මේ අතර, ටිල්වින්ට පහර දෙන ලද්දේ ලාල් කාන්ත විසින් යැයි විවිද සමාජ මාධ්‍ය ගිණුම්වල සඳහන් වන්නට විය. මීට ප්‍රතිචාර දක්වමින් උවිඳු කුරුකුලසූරිය සටහන් කර තිබුණේ “ගහපු එකා අහක. ඒ උනාට අහක ඉන්න ලාලත් අල්ලගෙන !” කියා ය. ඒ මීට පැය 9 කට පෙර ය.

පසුව මීට පැය 5 කට පෙර ඔහු තම සමාජ මාධ්‍ය ගිණුමේ සදහන් කර තිබුණේ “දැන් රෑ 12 යි. මැයි 10 වෙනිදා, යක්කු ගස් නගින වෙලාව. මම තව ටිකකින් ඇත්තම කියනවා ගුටිකෙළිය ගැන” යනුවෙනි.

පසුව මීට පැයකට පෙර ඔහු මේ පිළිබඳව තබා ඇත්තේ මෙවැනි සටහනකි.
“දැන්වත් සුවර්ද එයාට ගහල කියලා ! මම ගුටි දීමට අකමැති කෙනෙක්. ඒ උනාට 1/4කන්නි සතුටක් තියෙනවා. මොකද, ලොකු අය මතවාදී ප්‍රශ්න වල දී අතපය උස්සන එක වැරදියි කියලා අපි විස්ස විජ්ජාල කාලෙදී කිව්ව ඒවා ඒ කාලෙ නොපිලිගෙන අපිට ගහපු නිසා. ඒත් “අරය” තමා වලිය බේරුවේ ! එයාව විශ්වාස කරන්න ! “

මෙහිලා උවිඳු කුරුකුලසූරිය “අරය” යනුවෙන් හඳුන්වන්නේ ජනාධිපති අනුර කුමාර බව පැහැදිලිය.
මේ පිළිබඳව අප කළ විමර්ශනයේදී අණාවරණය වූයේ, පසුගිය 8 වෙනිදා ජ.වි.පෙ. පැලවත්ත මූලස්ථානයේ පැවති ඉහළ පෙළේ මණ්ඩලයක වූ විවාදයකදී උවිඳු ඉඟි කර තිබෙන ගැටුම සැබෑ ලෙසම ඇති වී ඇති බවය. එහිදී ටිල්වින්ට පහරදීම සිදු කර ඇත්තේ ලාල්කාන්ත විසින් නොව, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසිනි. සුනිල් වටගල ඉලක්ක කර ගනිමින් එල්ල වූ පුද්ගලික විවේචන හමුවේ බෙහෙවින් පීඩාවට පත්ව සිටි ඔහු, ක්ෂණිකවම ප්‍රධාන ලේකම්වරයාට එරෙහිව අසභ්‍ය වචන ද යොදා ගනිමින් බැන වැදි පහරදීම සිදු කර තිබේ. අපේක්‍ෂා නොකළ පහරදීම හමුවේ ඇද වැටී ඇති ටිල්වින්ගේ ඇස් කණ්නාඩිය ද කැඩී ඇත. පසුව, ජනාධිපති අනුර කුමාර ඇතුළු පිරිස වටගලව එම ස්ථානයෙන් ඉවත් කර තත්වය පාලනය කර තිබේ.
පහරදීමෙන් මුහුණේ ඇති වූ ඉදිමුම හේතු කොටගෙන, වියට්නාම් ජනාධිපතිවරයා සමඟ පැවිදි රාත්‍රී භෝජනයට සහභාගිවීමට හා සැලසුම් කර තිබූ පරිදි වෙනම හමුවීම අවලංගු කිරීමට ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයාට සිදුවී තිබේ. සැලසුම්කර තිබී ඇත්තේ වියට්නාම් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසුව කෙටි වෙලාවකට ඒ ආසන්නයේ පිහිටි ජ.වි.පෙ. මූලස්ථානයට ද පැමිණීමට ය. එහෙත් ටිල්වින්ගේ භාහිර පෙනුමේ ඇතිව තිබූ අවුල හේතුකොටගෙන එම හමුවීම අවලංගු කර තිබේ.
මේ වන විට සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා ද කිසිදු භාහිර කටයුත්තකට සහභාගී නොවී නිවසට වී කල්ගෙවන බව පැවසේ. මෙම සිදුවීමත් සමඟ පැලවත්ත මූලස්තානයේ සිටින ජ.වි.පෙ. පූර්ණකාලීන ක්‍රියාකාරින් ඉමහත් කලකිරීමට පත්ව ඇතැයි වාර්තා වේ.