May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදුලි බිල වැඩි වීමෙ බලපෑම ඒකක 180 කට පහළ අයට අදාළ නැද්ද…?මේ රටේ ඒකක 180 ට වැඩිය විදුලිය පරිභෝජනය කරන්නෙ 4% ක් පමණද…?

1 min read

ඔව්… මුහුණත අගය අනුව ඉහත කී සංඛ්‍යා දත්ත නිවැරදිය..

මේ වසරෙ අවස්ථා තුනකදී විදුලි බිල 44% කින් වැඩි වී ඇත. ජනවාරි 11.57 කින්, අප්‍රේල් 14.4 කින් සහ මැයි 18% කිනි.

එහෙත් මේ විදුලි බිළ වැඩිවීමෙන් මහ පොළොවෙට ඇතිවන සමස්ත බලපෑම කොතරම්ද…?

යෝගට් එකේ ඉඳන් කුකුල් මස් තියෙන, ශීතකරණයක්, අධි ශිතකරණයක් තියෙන සිල්ලර කඩේ පවා ඒකක 180 ට වඩා විදුලිය පරිභෝජනය වැඩි බව රහසක් නොවේ..

ඔවුන් සියලුම දෙනා විදුලි බිළ වැඩි වීමෙ පාඩුව ජනතාවට විතැන් කරනු ඇත.

වැඩි උනේ විදුලිය බිල පමණක් නම් යම්තාක් දුරකට ඔළුව නිදහස් කර ගත හැකිව තිබුණි..

නැත…

📕 පසුගියදා ඉන්ධන මිළ වැඩිවීමෙ ප්‍රතිශතය ලෝකයෙම 04 වෙනි තැනය..

📕 ගෑස් මිළ ඉහළ ගොස් ඇත…

මේ සියල්ලෙ වැඩි වීම යනු හාල් ඇටයෙ, කරවල කෑල්ලෙ පවා ප්‍රවාහන වියදමද ඉහළ යාමය..

📕 අපේ රට ඇත්තෙ දැවැන්ත ඩොලර් අර්බුදයකය. ඒ අර්බුදයෙන් ගොඩ ඒමට ඇත්තෙ සංචාරක ව්‍යාපාරය, විදෙස් ආයෝජන, අපනයන ආර්ථිකය සහ විදේශ ප්‍රේෂණයි.

ජනප්‍රිය පුවත්  අනුර ඔයා ඒ ප්‍රශ්න බලන්න! ක්‍රිකට් ක්‍රීඩකයන්ට නිදහසේ ක්‍රීඩා කරන්න ඉඩ දෙන්න!

මේ මිළ වැඩිවීම් මත ඉහත ප්‍රධානතම ආදායම් මාර්ග හතරෙන් තුනක්ම කඩාගෙන වැටෙනු ඇත..

📕 සංචාරක ව්‍යාපාරයේ ටැක්සියෙ සිට කන අන්නාසි කෑල්ලෙ සිට හෝටල් කාමරය දක්වා මිළ ගණන් ඉහළ යනු ඇත.

හන්දියෙ තේ කඩේ සිට තරු හතේ හෝටලය දක්වා නිශ්පාදන පිරිවැය ඉහල ගොස් ඇත…

📕 සියලුම කර්මාන්තශාලා වල නිෂ්පාදන පිරිවැය ඉහළ යනු ඇත…

🔴 මේ මොහොත වනවිටත් ජනප්‍රිය සන්නාම ඇති සමාගම් රට හැර යමින් ඇත..

මේ සියල්ලටම මේ රටේ සමස්ත ජනතාව මුහුණ දිය යුතුය..

මේ සියල්ල මැද කවුරුත් කතා නොකරන පැත්තක් ඇත…

🔴 ඒ විදේශීය ආයෝජකයන්ගෙ පැමිණීමයි…

පසුගිය වසර එකහමාරක් ඇතුළත එක බිලියනයකවත් ආයෝජන ගෙන ඒමට අනුරගෙ ආණ්ඩුව අසමත් වී ඇත. ඒ අනුර සහ හරිනි ඇතුළු කණ්ඩායම ලොව පුරා රටවල් දහයක පමණ කරක් ගසා ආතල් අරගෙන වුවද රටට පැමිණියෙ පට්ට ෆේල් කණ්ඩායමක් ලෙසය.

ඒ ආයෝජකයන් මෙරටට නාවෙ සාමාන්‍ය තත්වයක් තුළය. දැන් සියල්ලෙහිම මිළ වැඩි වී ඇති වටපිටාවක ආයෝජකයන් මෙරටට පැමිණේය යයි යමකු සිතන්නෙ නම් අංගොඩන් ඇඳක් වෙන් කර ගැනීම යහපත්ය.

ජනප්‍රිය පුවත්  ඇමරිකානු "ලිලී පෑඩ්" (Lily Pad) යුධ උපායමාර්ගය සහ ශ්‍රී ලංකාව

විදේශ ආයෝජකයන් තම ආයෝජන ආරම්භ කිරීමට උත්සාහ කරන්නෙ ශ්‍රම බලකාය යන කරුණ පදනම්ව පමණක් නොවේ..

ඔවුන්ගෙ මූලික අරමුණ හොඳ යටිතල පහසුකම්, රාජ්‍ය ප්‍රතිපත්ති, රටේ ආර්ථික ස්ථායිතාව සහ අඩු නිෂ්පාදන පිරිවැයයි..

මේ මිළ වැඩිවීම මත වියට්නාමය, බංගලිදේශය, කාම්බෝජය , මැඩගස්කරය වැනි රටවලට ආයෝජකයන් ඇදී යාම වැලැක්විය නොහැක වනු ඇත..

🔴 ශ්‍රී ලංකාවේ ආයෝජකයන් පවා තම කර්මාන්තශාලා මෙරටින් හකුලා ගනිමින් පිටරටවලට තමන්ගෙ කර්මාන්තශාලා විතැන් කරමින් ඇත..

ඒ නිසා මේ තෙල්, ගෑස්, විදුලිය වැඩිවීම් හුදු එකයි බතයි ඉදෙන කුස්සියකට අදාළ නැත ලෙස ලඝු කොට යමෙක් දක්වයි නම් ඌ අමු හරකෙක් විය යුතුය.

අපට ඇත්තෙ එක් කුඩා දැති රෝදයක් අක්‍රිය වූ පමණින් සමස්ත මැෂිමම අක්‍රිය වන ක්ෂුද්‍ර ආර්ථික ක්‍රමයකි.

ඒ නිසා විදුලිය ඒකක 180 න් උඩ වැඩිවීම බලපාන්නෙ රටේ කුඩා කොටසකට පමණක් යැයි යමෙක් සිතන්නේ නම් හා ඒ ගැන පක්ෂග්‍රාහීව කතා කරයි නම් ඔහු අමු දේශපාලන පිශාචයෙකි.

මේ රටේ මිනිස්සු ගොජ ගොජ ගා ඇතුලෙන් ලාවා පැසෙන ආර්ථික ගිණි කන්දක් උඩ සිට ජනාධිපතිගෙ කතා වලට හුරේ දමමින් තෙත් වෙන අමුතු සත්ව කොට්ඨාසයකි.

ජනප්‍රිය පුවත්  ජමාත්–ඒ–ඉස්ලාම් බලපෑම, SIS වාර්තා සහ ජාතික ආරක්ෂාව පිළිබඳ අලුත් ප්‍රශ්න

පාලකයන්ගෙ අත්දැකීම් රහිත, අදූරදර්ශී, තක්කඩි, දූෂිත වැරදි තීරණ වල පව ගෙවන්නෙ සමස්ත ජනතාවමය.

නිලන්ත සත්සර ගමගේ ✍️

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x