November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එළවළු මිල ඉහළට

1 min read

එළවළු මිල ගණන් විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් එළවළු අලෙවිය පහත වැටී ඇතැයි එළවළු වෙළෙන්දෝ කියා සිටිති. ආර්ථික මධ්‍යස්ථානවලට සැපයෙන එළවළු ප්‍රමාණය අඩුවීම නිසා එළවළු තොග මිල ගණන් ඉහළ යාමට බලපා තිබෙන බව පැවසේ.

එළවළු තොග මිල ගණන් ඉහළ යාම නිසා එළවළු කිලෝවක සිල්ලර මිලද විශාල ලෙස ඉහළ ගොස් ඇත. මේ නිසා බොහෝ දෙනෙකු එළවළු වෙනුවට සෝයා මීට්, පරිප්පු ආදිය වැඩිවශයෙන් මිලදී ගැනීමට යොමුවී සිටින බව වෙළෙන්දෝ පවසති.

මේ දිනවල එළවළු බීජ තවාන් දමා වගා කටයුතුවල මූලික කටයුතු සිදුකරමින් තිබීම නිසා වෙළෙඳපොළට සැපයෙන එළවළු ප්‍රමාණය අඩුවීමට හේතු වී තිබේ.

එළවළු තොග මිල ගණන් ඉහළයාමත් සමග පිට පළාත් රැසක කුඩා පරිමාණයේ වෙළෙඳසල්වල එළවළු අලෙවිය සිදුනොකරන බව වෙළෙන්දෝ කියා සිටිති.

මේ නිසා ආර්ථික මධ්‍යස්ථාන රැසකට පිට පළාත්වලින් පැමිණෙන ගැණුම්කරුවන්ගේ විශාල අඩුවක් ඊයේ (04 වැනිදා) දිනයේදීද දක්නට ලැබුණි.

එළවළු තොග මිල ගණන් ඉහළ ගොස් ඇති ආකාරය.

එළවළු වර්ගය කිලෝවක තොග මිල රු.

බෝංචි 500-620

ජනප්‍රිය පුවත්  හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ මූලික පරීක්ෂණ වාර්තාව අධ්‍යාපන අමාත්‍යංශයට

මාළු මිරිස් 650

ගෝවා 480-550

කැරට් 420-450

ලීක්ස් 280-350

කරවිල 500-520

බටු 350-370

මෑ කරල් 350-420

කැරට් 380-400

තක්කාලි 500-550

දෙහි 1200

මඤ්ඤොක්කා 200

පිපිඤ්ඤා 160-180

කෙසෙල් මුව 150 (කෙසෙල් මුවක තොග මිල)

සලාද කොළ කිලෝවක තොග මිල රුපියල් 1,000ත් 1,100ත් අතර වේ.

පසුගිය කාලයේදී වියළි මිරිස් කිලෝවක් රුපියල් 900ත් 1,000ත් අතර මිල පරාසයක පැවති අතර, එයද මේ වනවිට රුපියල් 1,270ත් 1,300ත් අතර මිලක් දක්වා වැඩිවී තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x