June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ මූලික පරීක්ෂණ වාර්තාව අධ්‍යාපන අමාත්‍යංශයට

1 min read

හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණයේ වාර්තාව අධ්‍යාපන අමාත්‍යංශයට භාරදී තිබෙනවා.

එම පරික්ෂණයෙන් සිදුකර ඇත්තේ, ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නම ඇතුළත් වූයේ කෙසේ ද යන්න පිළිබඳව සොයා බැලීමයි.

ඊට අමතරව, එම සිදුවීම සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය විසින් ද, වෙනම පරික්ෂණයක් මේ වනවිට සිදු කෙරෙන බව, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළා.

ඔහු ප්‍රකාශ කළේ, සිද්ධියට වගකිව යුත්තන් සොයා, තවත් පරීක්ෂණ කමිටුවක් කඩිනමින් පත් කරන බවයි.

මේ අතර, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය බෙදා හැරීමට පෙර සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂඥයින්ගෙන් වාර්තාවක් කැඳවා ඇතැයි ද, ඔහු ප්‍රකාශ කළා.

ඔවුන් දෙන නිර්දේශ මත පදනම්ව, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය ළමුන් අතට පත් කිරීමට කඩිනමින් පියවර ගැනීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කළ පැමිණිල්ලකට අනූව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන ද, කඩිනම් කර තිබෙනවා.

එම නිලධාරීන් මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව, අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළා.

ජනප්‍රිය පුවත්  ඉරාන නැව භාරගත්තේ මානුෂිකවාදයක් නිසා නෙමෙයි, මුස්ලිම් බලපෑම් නිසායි….!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x