November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මෙරට පෙනහලු පිළිකා රෝගීන් වාර්තාවීම ඉහළට

1 min read

මෙරට තුළ පෙනහලු පිළිකා රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවක් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

ජාතික ශ්වසන විද්‍යායතනයේ උරහිස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පෙන්වා දෙන්නේ 2010 වසරේ සිට මේ දක්වා සියයට 50කින් පමණ පෙනහලු පිළිකා රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා මේ බව සඳහන් කළේය.

“පහුගිය කාලේදි අපි ලංකාවේ දත්ත පරිශීලනය කළා.වැලිසර ළය රෝහල ආශ්‍රිතව අපගේ දත්ත පරිශීලනය කළාම, අපි දකිනවා ලංකාවේ පෙනහළු පිළිකාවල වර්ධනයක් තියෙනවා.ඇත්තටම මෙහිදී අපි කළේ වැලිසර අපේ ළය රෝහලේ තිබෙන්නා වූ පෙනහළු පිළිකා පිළිබඳ දත්ත සහ ජාතික පිළිකා සම්බන්ධ මර්ධන ව්‍යාපාරයේ තිබෙන්නා වූ දත්ත අපි පරිශීලනය කළා 2010 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාල සීමාව තුළ.එහිදී අපිට පෙනී ගිය එක දෙයක් තමයි ලංකාවේ පිරිමි පුද්ගලයන් සහ කාන්තා පුද්ගලයන් යන දෙපාර්ශවයේම පෙනහළු පිළිකාවල වර්ධන තත්ත්වය ඉතාමත් වැඩියි කියන එක.2010 සිට 2020 කාල සීමාව තුළදී ලංකාවේ පෙනහළු පිළිකාව කියන එක කාන්තා පාර්ශ්වය සහ පිරිමි පාර්ශ්වය දෙපාර්ශ්වයේම 50%ක වගේ වර්ධනයක් පෙන්නුම් කරනවා.මේ නිසාම පිරිමි පුද්ගලයන්ගේ ප්‍රධාන ගණයේ පිළිකාවක් බවට පත්වෙමින් පවතිනවා සහ කාන්තාවන්ගේ පළවෙනි පිළිකා 10 අතරට පැමිණෙමින් පවතිනවා පෙනහළු පිළිකාව කියන එක.ලංකාව තුළත් අපි දකිනවා දුම් නොබන පුද්ගලයන්, විශේෂයෙන්ම දුම් නොබන කාන්තාවන්ගේ පෙනහළු පිළිකාවල වර්ධනයක්.”

ජනප්‍රිය පුවත්  දිවයිනේ ප්‍රදේශ කිහිපයක හදිසි විදුලිය බිඳවැටීමක්!

එම මාධ්‍ය හමුවට එක්වු ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය ද පෙනහලු පිළිකා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළේය.

“පෙනහළු පිළිකාවලින් 90ක් පමණ මේ දුම්පානය හා සම්බන්ධ වෙනවා.දුම්බීම සිදුකරන්නේ නැති අයටත් පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානමක් තියෙනවා.මොකද ද්විතීක දුම්පානය කියන්නේ පෙනහළු පිළිකා ඇති වීමට අවදානම් සාධකයක් නිසා.බාහිර පරිසරයේ සිදුවන වායු දූෂණයත්, ගෘහස්ථ වායු දූෂණයත් කියන මේ දෙකම බලපාරනවා.බාහිර පරිසරයේ වායු දූෂණය ගොඩක් වෙලාවට වාහන හා කර්මාන්තශාලා ආශ්‍රිතව සිදුවන ඉන්ධන දහන දුම් ආශ්‍රිතව තමයි මේක සිද්ධ වෙන්නේ.ගෘහස්ථ පරිසරයේ ගැටලුව වෙන්නේ දර හෝ භූමිතෙල් ආශ්‍රිතව සිදුකරන දහනය එක්ක ලිප් භාවිතයේදී.මෙතැනදී නිවසේ හොඳ වාතාශ්‍රයක් නැතිවීම තමයි ගැටලුව වෙන්නේ.මොකද අර දුම ඒක ඇතුළේ සිරවීම සිද්ධ වෙන නිසා.මේ හැරුණුකොට දිගුකාලීනව තියෙන ඇතැම් ශ්වසන රෝගී තත්ත්වයන්, පසේ හා ගොඩනැගිලි ද්‍රව්‍ය ආශ්‍රිතව තියෙන රේඩෝන් කියන විකිරණශීලී වායුව, ඒ වගේම තමයි ඇස්බැස්ටෝස්, සිලිකා වැනි මානව පිළිකාකාරක වලට නිරාවරණය වීමත් එක්ක පෙනහළු පිළිකා ඇති වීමේ අවදානම වැඩි වෙනවා.”

ජනප්‍රිය පුවත්  ගුවන් මගීන් ට විශේෂ දැනුම්දීමක්
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x