April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානයට එරෙහි යුද ගැටුම් දින පහක් අත්හිටුවීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්!

1 min read

ඉරානයේ විදුලි බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දියත් කිරීමට සැලසුම් කර තිබූ සියලුම හමුදා ප්‍රහාර දින පහක කාලයකට කල් දමන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට යුද දෙපාර්තමේන්තුවට (Department of War) නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සහ හමුවීම්වල ප්‍රගතිය සලකා බලා මෙම තීරණය ගත් බවයි.

මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් පසුගිය දින දෙකක කාලය තුළ ඉරානය සමඟ “ඉතා යහපත් සහ ඵලදායී” සාකච්ඡා පැවැත්වූ බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

තම ‘Truth Social’ සමාජ මාධ්‍ය පිටුවෙහි විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, මෙම සාකච්ඡා ඉතා ගැඹුරු, විස්තරාත්මක මෙන්ම නිර්මාණාත්මක මට්ටමක පැවැති බවයි.

එමෙන්ම මෙම සාකච්ඡා මාලාව ඉදිරි සතිය පුරාම පවත්වන බව ද ඔහු එහි සඳහන් කර ඇත.

පවතින සාකච්ඡාවල සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින්, ඉරාන විදුලි බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් සැලසුම් කර තිබූ සියලුම හමුදා ප්‍රහාර දින පහක කාලයකට කල් තබන ලෙස තමන් අමෙරිකානු යුද දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ද ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් අනාවරණය කරයි.

ජනප්‍රිය පුවත්  විදුලි බිල 33%කින් අඩු කරන්න ආපු ආණ්ඩුව තුන් ගුණයකින් බිල වැඩි කළා!

කෙසේ වෙතත්, මෙම ප්‍රහාර කල් තැබීමේ තීරණය ඉදිරියට පැවැත්වීමට නියමිත රැස්වීම් සහ සාකච්ඡාවල ප්‍රගතිය මත රඳා පවතින බව ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x