April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනපතිගේ පාර්ලිමේන්තු ප්‍රකාශය සහ ඉරාන තානාපතිගේ මාධ්‍ය ප්‍රකාශය අතර පරස්පරයක්: විමල්ගෙන් X පණිවිඩයක්!

1 min read


ඇමරිකානු සබ්මැරීනයක් එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන නාවික හමුදාවට අයත් ‘අයිරිස් ඩෙනා’ (IRIS Dena) නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ගිලී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයත්, ඉරාන තානාපතිවරයා අද (23) මාධ්‍ය හමුවකදී කළ හෙළිදරව්වත් අතර දැඩි පරස්පරතාවයක් මතු වී තිබෙන බව විමල් වීරවංශ මහතා X පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

ඔහු එම X පණිවුඩය මගින් පවසන්නේ පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඉරාන නෞකා තුනක් මෙරටට පැමිණීමට අවසර ඉල්ලා තිබූ බවයි. එමෙන්ම එම කාලසීමාවේදීම ඇමරිකානු ප්‍රහාරක යානා දෙකකට මත්තල ගුවන්තොටුපොළට ගොඩබැසීමට අවසර ඉල්ලා තිබූ බවද ඔහු හෙළි කළේය. ඔහු එහිදී පවසා තිබුණේ “අපේ මධ්‍යස්ථ ප්‍රතිපත්තිය මත පදනම්ව අපි මේ ඉල්ලීම් දෙකම ප්‍රතික්ෂේප කළා. ඉරාන නෞකාවලට අවසර ලබා දුන්නේ නම් එය අපේ මධ්‍යස්ථභාවයට හානියක් වන අතර මත්තලට ඉතා ආසන්න කලාපයක මිලිටරි ගැටුමක් ඇතිවීමට ඉඩ තිබුණා,” ලෙසය.


කෙසේ වෙතත්, අද (23) උදෑසන මාධ්‍ය හමුවක් පැවැත්වූ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා දෙල්කොෂ් (Dr. Alireza Delkosh) මහතා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සෘජුවම ප්‍රතික්ෂේප කර ඇත. ඔහු පවසන්නේ අයිරිස් ඩෙනා (IRIS Dena), අයිරිස් බුෂෙර් (IRIS Booshehr) සහ අයිරිස් ලවන් (IRIS Lavan) යන නෞකා තුන ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ රජයේ නිල ආරාධනයක් මත බවයි.

ජනප්‍රිය පුවත්  මහින්දව විජේරාම නිවසින් එළියට!


ඉරාන තානාපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අසත්‍ය ප්‍රකාශයක් කර ඇත්දැයි සැකයක් මතුවන බවත්, විශේෂයෙන්ම ආරාධිත නෞකාවකට ආරක්ෂාව සැපයීමට හෝ වරායට ඇතුළු වීමට අවසර නොදීම හරහා ඉරාන නාවික නිලධාරීන් 104 දෙනෙකුගේ ජීවිත අහිමි වීමට ශ්‍රී ලංකා රජයේ ක්‍රියාකලාපය බලපා ඇති බවත් විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. මෙම ප්‍රහාරය ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව සිදුවූවක්ද යන්න පිළිබඳව ද සැකයක් මතු වන බව ද ඔහු පවසයි.


මෙම සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින ඓතිහාසික සබඳතාවලට දැඩි හානියක් සිදුවිය හැකි බව දේශපාලන විචාරකයෝ අනතුරු අඟවා ඇතැයි ද විමල් වීරවංශ එම X පණිවුඩය මගින් වැඩිදුරටත් අවධාරණය කරයි.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x