හෝර්මූස් සමුද්‍ර සන්දියේදී ඉන්දියානු නැවකට ප්‍රහාරයක් | තිදෙනෙක් ජීවිතක්ෂයට
1 min read
ඕමාන් බොක්ක ආශ්‍රිතව ගමන් කරමින් තිබූ තෙල් නැවකට ඇමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරයකින් ඉන්දීය ජාතික නාවිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු වී තිබේ. ඉරාන වරායන් වෙත පනවා ඇති ඇමෙරිකානු නාවික අවහිරතා උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ඇමෙරිකාව මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
ප්‍රහාරයට ලක්වන අවස්ථාවේදී ‘එම්.ටී. සෙටෙබෙලෝ’ නමැති මෙම නෞකාවේ ඉන්දීය කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු සිට ඇති අතර, ඉන් 21 දෙනෙකු බේරාගෙන තිබේ. ජීවිතක්ෂයට පත් වූ නාවිකයන් තිදෙනාගේ දේහයන් කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ඉන්දියාවේ නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය සර්බානන්ද සෝනොවාල් මහතා ‘X’ ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය විසින් මේ සතිය තුළ පමණක් ඕමාන් බොක්ක ආශ්‍රිතව ඉන්දීය නාවිකයන් රැගත් නෞකා තුනකට ප්‍රහාර එල්ල කර ඇත.
මෙම සිදුවීමත් සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඉන්දියාව මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවට සිය දැඩි විරෝධය පළ කර ඇති බවයි. ඉන්දියාවේ සිටින ඇමෙරිකානු තානාපති කාර්යාල භාරකරු කැඳවා, සිදුවෙමින් පවතින මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි කනස්සල්ල දැනුම් දුන් බව ඔහු පැවසීය.
ලෝකයේ සමස්ත තෙල් සහ ගෑස් සැපයුමෙන් 20%ක් පමණ ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීමත් සමඟ ඇමෙරිකාව ඉරාන වරායන් වෙත යන නෞකා අවහිර කිරීම ආරම්භ කළේය. පසුගිය අප්‍රේල් 13 වනදා සිට මේ දක්වා ඇමෙරිකානු හමුදා විසින් නෞකා 8ක ගමනාගමනය අඩපණ කර ඇති අතර නෞකා 134ක ගමන් මාර්ග වෙනස් කිරීමට පියවර ගෙන ඇත.
