July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකත් අත් අඩංගුවට ?

1 min read

එකවර රජයේ අරමුදල් මගින් වැටුප් දෙකක් ලබා ගැනීමේ චෝදනාව මත මේ වනවිට අත් අඩංගුවට ගෙන රිමන්ඩ් බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්ව සිටි සුගීෂ්වර බණ්ඩාරගේ විමර්ශනයට අදාළව චෝදනා එල්ල කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධුරය දරන ලද සමයේ ජනාධිපති ලේකම්ව සිටි සමන් ඒකනායකව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් වාර්තා වේ.

මෙසේ අත් අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමයේ සුගීෂ්වර බණ්ඩාර විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක ලෙස තණතුරකට පත් කර, ඔහු යටතේ විශාල කාර්යමණ්ඩලයක් යොදවා සිදු කරන ලදැයි කියන රජයේ මුදල් “අවභාවිතාව” පිළිබඳ චෝදනාව යටතේය.

මේ පිළිබඳව විමර්ශන නිලධාරින් පොලිස්පතිවරයාගේ අනුමැතිය ලැබෙන තුරු බලා සිටින බවත්, පොලිස්පතිවරයා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඒ සඳහා විමසා ඇති බවත් අප වෙත වාර්තා වී තිබේ.

කිසියම් හෙයකින්, ජනාධිපතිවරයාගේ අනුමැති ලදහොත් සමන් ඒකනායක මහතාව පොදු දේපළ පණත යටතේ අත් අඩංගුවට ගෙන ප්‍රකාශයක් ගැනීමෙන් පසු අධිකරණය හමුවට පමුණුවන්නට මේ වන විටත් මූලික සූදානම්කිරීම් අවසන් කර තිබේ. ජනාධිපතිවරයාට සබඳතා පවතින දේශීයව හා විදේශීයව ක්‍රියාත්මක “යූ ටියුබ්” කරුවන්ද මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය මතය සකස් කරමින් තිබේ.

  • ගමිඳු රවිනාථ –
ජනප්‍රිය පුවත්  ඇමරිකාව සමග තවත් ගිවිසුමක්!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x