June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නැවතත් 15% කින් විදුලි ගාස්තු ඉහළට!

1 min read

අප්‍රේල් – ජුනි (දෙවන කාර්තුව) කාලසීමාවට අදාළව පසුගියදා 10%ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු කළ අතර, 2026 දෙවන කාර්තුව සඳහා 15%ක විදුලි ගාස්තු ඉහළ දැමීමකට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අප වෙත වාර්තා වේ.

මෙසේ විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදු ව ඇත්තේ බාල ගල් අඟුරු භාවිතා කිරීම හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙහි අඩු විදුලි ධාරිතාවක් නිපදවීම මත, විදුලි ජනනය සඳහා අතිරේක ඩීසල් ප්‍රමාණයක් භාවිතා කිරීමට සිදු වීම නිසාය.

එමෙන්ම විදුලි ගාස්තු 15%කින් ඉහළ දමන ලෙස ජාතික පද්ධති පාලක (National System Operator) පෞද්ගලික සමාගම ද මහජන උපයෝගීතා කොමිසමෙන් (PUCSL) ඉල්ලීමක් සිදු කර ඇත. ඒ් විදුලි ජනනයේදී ඩීසල් සඳහා අතිරේකව සිදු වන රුපියල් බිලියන 16ක පිරිවැය පියවා ගැනීමට බව සඳහන්ය.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x