June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයෙක්ට අනුරගෙන් තනතුරක්

1 min read

අභියාචනාධිකරණයේ හිටපු වැඩ බලන සභාපති මොහමඩ් ලෆාර් තාහීර් විනිසුරුවරයා, සෞදි අරාබියේ ජෙඩා නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස පසුගියදා වැඩ භාරගෙන තිබෙනවා.

ජෙඩා නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට පැමිණි ලෆාර් තාහිර් මහතාව එහි කාර්ය මණ්ඩලය උණුසුම් අයුරුන් පිළිගත්තා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගෙන සිටි සමයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස විනිසුරු මෙහොමඩ් ලෆාර් තාහීර් මහතා 2025 වසරේ පෙබරවාරි මස 02 වැනිදා පත්කරනු ලැබූවා.

කෙසේවෙතත් ජනාධීපති අනුර කුමාර දිසානායක මහතා මොහමඩ් ලෆාර් විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමට උත්සහ කළ අවස්ථාවේ හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ලෆාර් මහතාට එරෙහි චෝදනා පිළිබදව ව්‍යවස්ථා සභාවට වාර්තාවක් ඉදිරිපත් කළා.

මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරුවරිය විශ්‍රාම ගැනීමෙන් පසුව, ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරු පදවිය දරමින් සිටිද්දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යළිත් වරක් ලෆාර් මහතාව ශ්‍රේෂ්ඨාධිකරණයට යෝජනා කර තිබුණා.

නමුත් එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩුවක් නොමැති නැති නිසා ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබූවා.

ජනප්‍රිය පුවත්  ඇඹිලිපිටියේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක්

කොන්සල් ජනරාල් (Consul General) තනතුරක් යනු එක් රටක් විසින් තවත් රටක පිහිටි සිය ප්‍රධාන වාණිජ හෝ සංචාරක නගරයක (බොහෝ විට අගනුවර නොවන වෙනත් ප්‍රධාන නගරයක) තම රටේ කටයුතු සහ පුරවැසියන් වෙනුවෙන් පත් කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වනවා.

මෙම තනතුර සහ එහි ප්‍රධාන වගකීම් පහත පරිදි වේ.

රැකවරණය සහ සේවා සැපයීම: අදාළ විදේශීය රටේ හෝ නගරයේ වෙසෙන, රැකියා කරන හෝ සංචාරය කරන තම රටේ පුරවැසියන්ට අවශ්‍ය උපකාර ලබා දීම. (උදාහරණයක් ලෙස: විදේශයකදී විදේශ ගමන් බලපත්‍රය (Passport) අහිමි වූ විට අලුතින් ලේඛන සකස් කර දීම, හදිසි අනතුරකදී හෝ නීතිමය ගැටලුවකදී සහාය වීම).

වීසා (Visa) නිකුත් කිරීම: ඔවුන් සිටින කලාපයේ වෙසෙන විදේශිකයන්ට තමන්ගේ රටට පැමිණීම සඳහා අවශ්‍ය වීසා බලපත්‍ර නිකුත් කිරීම.

වාණිජ හා ආර්ථික සබඳතා: රටවල් දෙක අතර වෙළඳාම, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම.

සංස්කෘතික සබඳතා: තම රටේ සංස්කෘතිය සහ ප්‍රතිරූපය අදාළ විදේශීය නගරය තුළ ප්‍රචලිත කිරීම.

සෞදි අරාබියේ ජෙඩා නුවර යනු සෞදි අරාබියේ බටහිර කොටසේ, රතු මුහුද (Red Sea) වෙරළ තීරයට වන්නට පිහිටා ඇති නගරයක් වන අතර, එරට ඇති ප්‍රධානතම වාණිජ නගරයක් සහ දෙවන විශාලතම නගරය ද ජෙඩා නුවර වනවා.

ජනප්‍රිය පුවත්  මොඩියුලයට Buddy.net දැමූ උපදේශක මණ්ඩලයේ NPP සබඳතාව මෙන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x