June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සලේ මාරාන්තික උපවාසයක ! ආහාර ගැනීම නතර කරයි !

1 min read

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අද (06) උදෑසන සිට ආහාර වර්ජනය කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

තමන් මුහුණ දෙන අමානුෂික සැලකීම්වලට වඩා මියයාම සැපක් බව සුරේෂ් සලේ අද තමන්ව බැලීමට පැමිණි සිය පුත්‍රයා සහ සහෝදරයා හමුවේ ප්‍රකාශ කර ඇතැයි නීතිඥ උදය ගම්මන්පිල පැවසිය.

“පිළුණු ගෝවාත් එක්ක බත් ටිකක් පත්තර කොළ කෑල්ලට දාල ඊයේ රෑ කන්න දුන්නේ බල්ලෙකුට කන්න දෙනවා වගේ .. සිරමැදිරියේ පිඟානක් හෝ ගෘහ භාණ්ඩයක් නැති නිසා බිම දිගා වී එය කන්න වෙලා,” යැයි සලේ සිය පුත්‍රයාට පවසා ඇතැයි ද ගම්මන්පිල සඳහන් කළේය.

අද පවුලේ සාමාජිකයන් මුණගැසුණු කෙටි කාලයට පවා නිලධාරීන් 7 දෙනෙකු යොදවා ඔහුට දැඩි මානසික පීඩනයක් එල්ල කර ඇතැයි ද නීතිඥවරයා පැවසිය.

තමන් මියගියද, නීතිඥයන් මාර්ගයෙන් අභියාචනාධිකරණයේ පවතින රිට් පෙත්සම ඉදිරියටම ගෙන ගොස් තම නම නිදොස් කරන ලෙස සලේ පුතුගෙන් ඉල්ලා තිබේ.

එසේම අත්අඩංගුවට ගෙන දින 7කට පසු තමන්ට සිදුවූ අමානුෂික වධහිංසා පිළිබඳව සත්‍යය දැනගැනීමට නම්, තමන් සමඟ සිටි අනෙකුත් සිරමැදිරි සගයන්ගෙන් (Cell mates) කටඋත්තර ගන්නා ලෙස ඔහු අධිකරණයෙන් සහ මානව හිමිකම් කොමිසමෙන් (HRC) ඉල්ලා ඇත.

ජනප්‍රිය පුවත්  ඇමැතිවරු තෙල්, ගල් අඟුරු, පොහොර ඉල්ලා හඬා වැටේ!

මේ අතර, ඊයේ (05) මානව හිමිකම් කොමිසමේ පැවැති විභාගයට වගඋත්තරකාර CIDය සහභාගී නොවීමද දැඩි විවේචනයට ලක්ව තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x