June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හරිනිට ඉන්දියාවේ වැඩි සැලකිලි!

1 min read

චීන සංචාරය නිමා වී, එසැනින් ඉන්දියාව බලා ගිය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට ඉන්දියාවේදී ඉහළ සැළකිල්ලක් ලබා දී තිබේ. ජනාධිපති අනුර කුමාර ඉන්දියාවේ සංචාරය කරන ලද අවස්ථාවේදී ඔහුට ලබා නොදුන් මට්ටමේ ඉහළ පිළිගැනීමක් අගමැතිනිය වෙත ලබාදීම කිසියම් බල දේශපාලන ක්‍රීඩාවක ඉඟි සපයනු ලබන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

අගමැතිනිය ඉගෙන ගත් පාසැලට ඇය කැඳවා විශේෂ පිළිගැනීමක් ලබා දීමත්, ඉන්දීය ආර්ථික සමුළුවක ප්‍රධාන ආරාධිත චරිතයක් ලෙස ඇය සහභාගී කර ගැනීමත් ඉන්දීය මාධ්‍ය මගින් ඉහළ අවධානයක් ඇය වෙත ලබාදීමත් මෙහිලා විශේෂයෙන් කැපී පෙනුණි. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට වඩා අගමැතිනියගේ ඉන්දීය සංචාරයට ඉහළ තත්වයක් අගමැති මෝඩි පාලනය විසින් ලබාදී තිබෙණුයේ, ශ්‍රී ලංකාවේ බල දේශපාලන ක්‍රිඩාවක කොටසක් වශයෙන් විය යුතු බව ප්‍රවීන දේශපාලන විචාරකයන්ගේ අදහස් වී තිබේ.

තිළිණි චායා සමරජීව Underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x