July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හර්ෂ ද සිල්වා – ජනපති හමුවක් !

1 min read

දැනට දින කිහිපයකට පෙර හැන්දෑවක දී, ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සහ ජනාධිපති අනුර කුමාර අතර රහසිගත හමුවක් සිදුව තිබේ. එම හමුව සිදුව ඇත්තේ ජනාධිපතිවරයාට ඉතා සමීප මෙරට ප්‍රබල ව්‍යාපාරික ධන කුවේරයකුගේ නිවසදී ය.

මෙම හමුවේදී රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව කරුණු සාකච්ඡා වී තිබෙන අතර, විශේෂයෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ දුර්වලතාවන් පිළිබඳව සාකච්ඡා වී ඇත. එහිදී ස.ජ.බ. නායකත්වය හර්ෂ ද සිල්වා විසින් ගනු ලබන්නේනම් ඒ සඳහා අවශ්‍ය සෑම සහයෝගයක්ම තමන් ලබාදෙන බව ජනාධිපතිවරයා විසින් අවධාරණය කර තිබේ.

මීට අමතරව, අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම යන වයස වසර 2 කින් දීර්ගකිරීමේ ඇති අවශ්‍යතාව පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ. එම කරුණු දැක්වීම පිලිගෙන ඇති හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයා තමන් ඒ වෙනුවෙන් විවෘතවම පෙනී සිටින බවට ද සහතික වී ඇත.

තමන් පසුගියදා සිදුකළ ඇමරිකන් එක්සත් ජනපද සංචාරයේ දී හමුවූ එරට රාජ්‍ය ප්‍රධානින්ද අනුර කුමාර ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් වන ආණ්ඩුව ආරක්ෂාකරගැනීමේ වැදගත්කම පෙන්වා දුන් බවත්, තමන් ද ඒ මතය තුල පිහිටා කටයුතු කරනු ලබන බවත් හර්ෂ ද සිල්වා මෙහිදී සහතික වී තිබේ.

ජනප්‍රිය පුවත්  ජයශංකර්ගෙන් නියෝගයක්! පළාත් සභා පවත්වනු!

පැය 3 කට අධික කාලයක් පුරා පැවැති මේ සාකච්ඡාව රාත්‍රී භෝජනය ගැනීමෙන් නිමා වී තිබෙන අතර, ඉදිරියේදිත් විටින් විට මෙලෙස මුණගැසී සාකච්ඡා කිරීමට එකඟවීමෙන් පසු හර්ෂ ද සිල්වා එම ස්ථානයෙන් පිටවගොස් ඇත.

ස.ජ.බ. තුල සජිත් විරෝධී කැරල්ලක් නිර්මාණය කිරීම පිණිස හර්ෂ ද සිල්වා දැනටම වැඩ කටයුතු අරඹා තිබේ. එය ජනාධිපති අනුර කුමාරගේ සහයෝගය ඇතිව දියත් වන මෙහෙයුමක් බව අපගේ ආරංචි මාර්ග අණාවරණය කරයි.

  • රවීන්ද්‍ර සමරතුංග –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x