June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හර්බි සල්ලි යෙද වූ ටෙලි නාට්‍ය හා චිත්‍රපට මෙන්න!

1 min read

”ආණ්ඩුවේ පාතාල හස්තය හර්බි!” යන හිසින් යුත් ප්‍රවෘත්තිය මගින් අනාවරණය කළ නිර්මල බණ්ඩාර නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ජ.වි.පෙ. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ වෙනුවෙන් ටෙලිනාට්‍යයකට සහ චිත්‍රපටයක් වෙනුවෙන් මුදල් යොදවා තිබේ. ඒවා වනුයේ ”රහස් කියන කඳු” චිත්‍රපටය සහ ”කොඩි ගහ යට” ටෙලිනාට්‍යය ය. මත්ද්‍රව්‍ය ජාවාරම මගින් උපදවා ගනු ලැබූ කළු සල්ලි සුදු සල්ලි බවට පත් කිරීම පිණිස ඔහු මෙම ටෙලිනාට්‍ය හා චිත්‍රපට සඳහා මුදල් යොදවා තිබේ.

”නිර්මල කාගෝ” යන නමින් භාණ්ඩ ප්‍රවාහණ ආයතනයක් ද පවත්වාගෙන යන මොහු, ආණ්ඩුවට හිතවාදී utube කරුවෙකු වන ”සුදා” නැමැත්තාගේ වැඩසටහන් වලටද දැන්වීම් සැපයීම මගින් විශාල වශයෙන් මුදල් සපයා දී තිබේ. ආණ්ඩුවේ ඉහළම නායකයන් සමඟ සමීප සබඳතා පවත්වනු මොහු, පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ජ.වි.පෙ.ට විශාල වශයෙන් මුදල් ලබාදී තිබේ. පාතාල කල්ලි සාමාජිකයකු වන මොහු තම ප්‍රතිවාදී පාතාල කල්ලි සාමාජිකයන් කොටු කර ගැනීම සඳහා ද ආණ්ඩුවට සහය ලබා දී තිබේ.

බොහෝ මාධ්‍යකරුවන් මොහු පිළිබඳ තොරතුරු දන්නා මුත්, ඔහුට ඇති බිය නිසා එම කරුණු වාර්තා කිරීමෙන් වැළකී සිටී.

ජනප්‍රිය පුවත්  වෙසක් පෝයට දෙසූ බණ ගැන පොලිස් පරීක්ෂණ !

තීක්ෂණ ගුණතිලක underground වාර්තාකරු විසිනි

සබැදි පුවත්.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x