සූරසේන දිගුව හකුලන ලකුණු !
1 min read
අගවිනිසුරු, දේවගැති ප්රීති පද්මන් සූරසේනගේ විශ්රාම යාමේ වයස තව අවුරුදු 2 කින් දිගුකර, ඔහු මගින් තවදුරටත් අධිකරණ පද්ධතිය පැලවත්තේ වහලකු බවට පත්කරගෙන මෙහෙයවීමේ ක්රියාන්විතය නැවතත් ආපස්සට ගැනීමේ ලකුණු පහළ වී තිබේ. එයට හේතු වී ඇත්තේ, මෙරට විපක්ෂයේ දේශපාලන බලවේග සියල්ලම පාහේ ඊයේ (23) ඊට එරෙහිව තම එක්සත්භාවය ප්රදර්ශනය කිරීම ය.
ඉහල අධිකරණ විනිසුරන්ගේ විශ්රාම ගැන්වීමේ වයස වසර 2 කින් දීර්ග කිරීම පිළිබඳ සංකල්ප පත්රිකාව ඊයේ අධිකරණ අමාත්යවරයා විසින් අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. එම සංකල්ප පත්රිකාව ඉදිරිපත් කරන ලද දිනයේම, විපක්ෂයේ සියළුම දේශපාලන පක්ෂවල නායකයින් විපක්ෂනායක කාර්යාලයට එක්ව, දේවගැති අගවිනිසුරු සූරසේනගෙන් අධිකරණය නිදහස් කරගැනීම උදෙසා එක්සත්ව සමගිව ක්රියාත්මකවීමට තීරණය කළේය.
මෙය, ආණ්ඩුව අපේක්ෂා නොකළ තත්ත්වයක් බව ආණ්ඩුවේ අභ්යන්තර මාර්ග අප වෙත අණාවරණය කර සිටී. විපක්ෂය බෙදා වෙන්කර තැබීම තම ප්රධාන උපායමාර්ගය වී තිබිය දී සූරසේනගේ විශ්රාම දිගුව හේතුකොටගෙන විපක්ෂය එකට එක්වීම තමන්ට ඉතා අවාසිදායකව බලපානු ඇති බව ජනාධිපතිවරයාට සමීප පිරිස් ඊයේ රාත්රිය වනවිට ඒත්තුගන්වා තිබේ. ඔවුන් පවසා ඇත්තේ මෙම සමගිය හරහා දැවැන්ත ජන බලවේගයක් නිර්මාණය කළහොත් ඉන් පසු “සූරසේන දිගුව” අත්හැර දැමීම බලවත් පරාජයක් වනු ඇති බවයි.
මෙම “සූරසේන දිගුව” පිළිබඳව පැලවත්තේ ද පුර්ණ එකඟතාවයක් නැතැයි අපගේ ආරංචි මාර්ග අවධාරණය කර සිටි. “සූරසේන දිගුවට” එකඟ නැති ජ.වි.පෙ. පාර්ශවයේ මතය වී තිබෙන්නේ මෙය “කළත් පරාදයි නොකළත් පරාදයි” යන අන්දමට ය.
“සූරසේන දිගුව” සිදු කළත්, එමගින් මැද පංතිය ජන සමාජය තුළ ජනාධිපතිවරයා කෙරෙහි ඇති විශ්වාසනීයභාවය බලවත්ව පළුදු වන බවත්, “සූරසේන දිගුව” නොකර සිටියහොත් එය ජනාධිපතිවරයා තීරණගැනීමේ දී ක්රියාත්මක කිරීමේ දී බියගුළු පුද්ගලයකු ලෙස වටහාගැනෙනු ඇති බවත් එම කණ්ඩායමේ අදහස වී තිබේ. ඒ් අනුව, ඔවුන්ගේ මතය වී තිබෙන්නේ වෙනත් විකල්ප විසඳුමක් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.
ඒ අනුව, “සූරසේන දිගුව” මගින් සපුරාගැනීමට අදහස් කරන අවශ්යතාව සපුරාගැනීමට හැකි වෙනත් තෝරාගැනීම් කිහිපයක් කෙරෙහි මේ වනවිට ජනාධිපතිවරයාගේ හා පැලවත්තේ ප්රධානින්ගේ සාකච්ඡාවට ලක්ව තිබේ.
ඊයේ (23) විපක්ෂයේ සියළු පක්ෂ මෙම කරුණ අරඹයා දක්වන ලද සමගිය වහාම බිඳහෙළීම සඳහා ක්රියාත්මක වියයුතු බවට ද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත. විපක්ෂනායක සජිත් ප්රේමදාස පිළිබඳව මෙහි දී විශේෂයෙන් සාකච්ඡා කෙරී තිබේ.
- ජගත් දුලාර කරුණාමුණි
