July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සැප කනේ !

1 min read

මේ ඉන්නේ ඔස්ට්‍රියාවේ ජනාධිපති ය. ඇලෙක්සැන්ඩර් වැන් ඩර් බෙලන් ඔහුගේ නම ය. ඔහු මේ යන්නේ කෝච්චියේ ය. මේවා ඉස්සර අපට පෙන්නුවේ ජෙප්පො ය.

එදා හඳුන්නෙත්ති නැමැති ජෙප්පා රටට කීවේ සාමාන්‍ය ජනතාවට නැති කිසිදු වරප්‍රසාදයක් තමන්ට උවමනා නොවන බවය. “ඇම්බියුලන්ස්” හැර වෙන කිසිම වාහනයක් පාරේ ඉඩ ඉල්ලන්නේ නැති බවය. ගාල්ලේ සිටින කොටහළු හෑවගේ ඒ කාලයේ “වාදපිටියට” එන්නේ බස් එකේය. හඳුන්නෙත්ති යන්නේ මහරගම පොලේ ය. ඒ පින්තූරයයි මේ පින්තූරයයි පෙන්නා උන්දැලා කලේ මුළු රටම එක මිටට ඇන්ඳීමය.

දැන් ජනාධිපති අනුර යන්නේ උඩින්ය. හෙලිකොප්ටර් එකක් නොව දෙකක් එක්කය. ප්‍රභූ ආරක්ෂාව ඔහුට ඇත්තේ උපරිමයට ය. ඒ කාලයේ “පොහොට්ටුව” ප්‍රධාන කාර්යාලය විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබා දී තිබුණේ නැත. දැන් ජෙප්පොන්ගේ පැලවත්තේ මහගෙදරට ද ලබා දී ඇත්තේ STF ප්‍රභූ ආරක්ෂාව ය.

හඳුන්නෙත්ති දැන් සාමාන්‍ය ජනතාව වගේ පාරෙ කෝච්චියේ මාතර යන්නේ නැත. ඒකා පුතා යන්නේ ෂැපට ෂැපේ නිල රථයේ ය. කොටහළු හෑවගේට දැන් බස් එකක නැග්ග කාලයක්වත් මතක නැත. ජනාධිපති මහපාරෙන් යනවිට යන්නේ වාහන හැටහුටාමාරක් සමඟ ය. ඒ එක්කම පාරවල් ද වහගෙන ය. අගමැතිනියත් අතාරින්නේ නැත. ජනාධිපතිට ඒ අතින් ‍සෙකන්ඩ් වෙන්න හරිනිට හිතෙන්නේම නැත. ඒ අතින් හරිනි ෆස්ට් ය.

ජනප්‍රිය පුවත්  යෝ වගේද කසුන් බ්‍රෝ..?

නියෝජ්‍ය ඇමතිවරු 19 ක් හා ඇමතිවරු 4 ක් නිල නිවාස පාවිච්චි කරන බව හෙළිවූයේ ඊයේ පෙරේදාය. ඒ විපක්ෂයෙන් ඒ ගැන විමසූ ප්‍රශ්න කිරීමකට අගමැතිනිය දුන් පිළිතුරකින් ය. කථානායක තෙමේ කතානායක බංගලාවට අමතරව ලී කෙළි ගහන්නට තවත් රජයේ නිල නිවසක් භුක්ති විදින්නේය. රම්‍ය, සුරම්‍ය දෙකම ඇතත්, කතානායකට දැන් නැත්තේ සුභ ය. ගිහි ගෙය කලකිරෙන්නටනම් ඒකත් උන්දෑට දිය යුතුයැයි අපට හිතෙන්නේ ය.

බී.ඩී. සරත් ඉන්නේ සුපිරියටම ඇඳගෙනය. නාමල් රිලව් ගණන් කර අවසන, කෙහෙල් බඩ වලින් හදමින් ඉන්නේ නිමි ඇඳුම්ය. ලාලා ඉන්නේ තමන්ගේම වූ මන්දිර තනාගෙනය. ‍ඒවා ගැන අහපු කාටදෝ ඒකා උත්තර දුන්නේ මල පැනගෙනය.

බිමල් කාගේ කවුදැයි දන්නේ බිමල්ගේ අම්මාය. තරුණ මහින්ද රාජපක්ෂ දුන් පළමු බැංකු පත්වීම ලැබුණේ බිමල්ගේ අම්මාටය. ඒ හින්දා බිමල්ට නම් දුප්පත්කම දැනුනේවත් නැතිය. බිමල් උජාරුවෙන් ඒ බව පාර්ලිමේන්තුවේම කීවේ සැප කනේ නිසාය.

නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ කොහොමටත් ඉන්නේ උජාරුවෙන්ය. බදුල්ලේ සමන්ත සෙමර සලන්නේ අමාත්‍යාංශයේ ලලනාවන්ට ය. සෙමර සලන්නේ කීවාට ඒකා පුතා හලන්නේ සෙවලය.

ජනප්‍රිය පුවත්  සිනාසෙන මිනීමරුවා!

ලාලාට අනුව දැන් හොරකම කරන්නේ රජයේ සේවකයා ය. දේශපාලනඥයා දැන් පට්ට ක්ලීන් ය. බාල ගල් අඟුරු වලින් හොරා කෑවේ රාජ්‍ය සේවකයා ය. ඩොලර් මිලියන 2.5 හොර ගිණුමකට දැම්මේ රාජ්‍ය සේවකයා ය. කන්ටේනර් තුන්සිය ගාණක් පරීක්ෂා නොකර රට ඇතුලට අරගෙන ගාන කැපුවේ රාජ්‍ය සේවකයා ය. ඉන්දියාවෙන් හාල් ගේන විට සන්තෝශම ගත්තේ රාජ්‍ය සේවකයා ය. දේශපාලනඥයා දැන් එක රුපියලක් දිහා වැරදිලාවත් හැරී බලන්නේ නැත. රාජ්‍ය සේවකයා දීපු තැපැල් ඡන්දේ හැටියට උන්දැලාට ණයට දෙන්න ඕනේ, හාල් කිලෝ 20 ක් නොව පුන්නක්කු කිලෝ 20 ක් ය ! බොකුටුසිංහ ඊළඟ වතාවේ ඒක ද ලබා දෙනු ඇති බව නිසැකය.

මෙහෙම “ටොපියක්” මෙරට ජනතාව මීට කලින් කාලම නැත. අපේ පැරැන්නෝ මේ ඉරණමට කීවේ, කිඹුලා කන එක ඉවසන්න පුළුවන්ය. කොහිල කටු ඇනෙන එක ඉවසන්න බැරිය කියාය. වඳින්න ගිය දේවාලේ දැන් පාත් වී ඇත්තේ හිස මතටම ය. මිනිස්සුන්ට වූවේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේ එල්ලීම වැනි දෙයක්ය. ඒත් දැන් මිනිස්සුන්ට බලන්නට සිදුවී ඇත්තේ නටන්න බැරි මිනිහා පොළව ඇදයි කියන නාඩගමය. පනින්න පෙර සිතා බලන්නයැයි අපේ පැරැන්නෝ කීව්වේ මේ ඉරණමට වැටෙන එක වළක්වා ගන්නට ය. හොරාගේ අම්මාගෙන් පේන තවදුරටත් ඇසීමෙන් ඵලක් නැත.

ජනප්‍රිය පුවත්  මේ යාලුකම දිගුකල් දිනේවා!

දැන්වත් අප තේරුම් ගත යුත්තේ දිලිසෙන සියල්ල රත්තරන් නොවන බවය. නරියාට කුකුල් කොටුව බාරදීමෙන් වාසිය ලැබෙන්නේ නරියාට පමණක් බවය. ජෙප්පො කලේ “කැවුම් කන්න හොරගල් අහුලන” එකය. ඉබ්බාගෙන් පිහාටු ඉල්ලුවාට මෙලෝ වැඩක් නැත.

ජෙප්පෝ කවුදැයි මිනිස්සු දැන සිටියේ නැත. එහෙත් තවදුරටත් කැඳ බිබී ආඩම්බර කියා වැඩක් නැත. මුන් කවුදැයි දැන් ඇත්තේ හොඳටම තේරීය. අපේ පැරැන්නෝ “හැඳිනුවොත් හොරා – නොතබනු ලඟ තරා” යැයි කීවේ මේ වගේ තත්වයන්හීදී මගපෙන්වන්නට ය. කපටියා හඳුනාගත් වහාම උගෙන් මුලුමනින්ම ඈත් විය යුතු බව එහි තේරුමය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x