June 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සලේට නීති උපදෙස් අවශ්‍යද නැද්ද කියන්න CIDයට බලයක් නැහැ – මනෝරි සලේ

1 min read

සලේට නීති උපදෙස් අවශ්‍යද නැද්ද කියන්න CIDයට බලයක් නැතැයි බිරිඳ වන මනෝරි සලේ කියා සිටින්නීය. ඇය මේ බව කියා සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කරමිනි.

සතියකට දින පහක් නීතිඥයන්ට සුරේෂ් සලේ මුණ ගැසීමට අවසර ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මීට පෙර මනෝරි සලේ යොමුකර තිබූ ලිපියකට ප්‍රතිචාර දක්වමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර එවූ ලිපියක් මගින් සලේ මේ වන විට විමර්ශන කටයුතුවලින් බැහැරව සිටින නිසා නීති උපදෙස් අවශ්‍ය නොවන බවට දැනුම් දී තිබිණි.

එම ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස සුරේෂ් සලේගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යවමින් මෙය සඳහන් කර තිබේ. මනෝරි සලේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ වෙත යොමු කළ ලිපියේ මෙසේ ද සඳහන්ය.

සුරේෂ් සලේ රෝහල්ගත කර ඇති නිසා නීතිමය උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බවට කරන ප්‍රකාශය නීතිමය වශයෙන් පිළිගත නොහැකිය. නීතිඥවරුන් සමග සාකච්ඡා කිරීම ඔහුගේ මානසික නිදහසට යම් ආකාරයකින් බාධාවක් වන බවට ඉදිරිපත් කරන කරුණු ද පිළිගත නොහැකි දෙයකි. ඔහුට නීතිමය සහාය ගැනීමට දිගින් දිගටම බාධා කිරීමෙන් ඔහුට සලකන ආකාරය පිළිබඳ සාධාරණත්වය, නීත්‍යනුකූලභාවය මෙන්ම යෝග්‍ය බව පිළිබඳ සැක මතුවේ.

ජනප්‍රිය පුවත්  ජාතික රෝහලේ බිලියන 2.5ක ප්‍රතික්‍රියක වංචාව: අනිල් ජාසිංහට එල්ල වන චෝදනා

එනිසා නීතියට අනුව සුරේෂ් සලේගේ නීතිඥයන්ට ඔහු හමුවීමට අවස්ථාව සලසා දිය යුතුය. රඳවා තබා ගනු ලබන ආයතනයේ අධ්‍යක්ෂවරයාට හෝ එහි නිලධාරින්ට මෙවැනි තීරණ ගත නොහැකි යැයි එහි සඳහන්ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x