June 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සලේගේ විමර්ශනයට බාධා කරමින් උසාවියට අපහාස කලා යැයි විමල්, උදය, දිලිත් ඇතුළු 6කට එරෙහිව CID විමර්ශනයක්!

1 min read

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා වන අයුරින් සහ අධිකරණයටඅපහාස වන පරිදි විද්‍යුත් හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (15) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කරුණු වාර්තා කළේය.

මෙම සිද්ධියට අදාළව විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන පුද්ගලයන් හයදෙනා වෙත ලබන ජූලි 1 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය. එලෙස නොතීසි නිකුත් කිරීමට මෙම අධිකරණයට අවශ්‍යතාවයක් නොමැති බවත්, අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් එම පුද්ගලයන් අභියාචනාධිකරණය වෙත යොමු කළ හැකි බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

“දේශපාලන කණ්ඩායමක් මහජන විරෝධයක් හදන්න උත්සාහ කරනවා” – CID
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෝසමක් ගොනු කරමින් පිටු 14කින් යුත් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් මෙසේ කරුණු දැක්වීය.

ජනප්‍රිය පුවත්  Update - ගල් අඟුරු ටෙන්ඩරය ඉන්දියාවේ Taranjot සමාගමට ලබාදීමට කැබිනට් අනුමැතිය

“ස්වාමීනි, මෙම සිද්ධියට අදාළ තුන්වන සැකකරු වන හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මේ වනවිට රැඳවුම් නියෝග මත පසුවන්නේ. ඔහු 2026/06/05 දින සිට රාත්‍රී ආහාරය ප්‍රතික්ෂේප කර තිබෙනවා. දැනට ජාතික රෝහලේ 42 වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනෙකු යටතේ ඔහු ප්‍රතිකාර ලබනවා.

මොහුගේ මෙම ක්‍රියාකලාපය තවදුරටත් තහවුරු කර ගැනීමට දේශපාලන සංවිධානාත්මක කණ්ඩායමක් කටයුතු කරනවා. අධිකරණයේ යුක්තිය ක්‍රියාත්මක වීමට බාධා වන අයුරින් සහ මහජනතාවට අධිකරණය කෙරෙහි අපකීර්තියක් හා මහජන විරෝධයක් ඇතිවන ලෙස එම කණ්ඩායම කටයුතු කරනවා.”

වැඩිදුරටත් කරුණු දැක්වූ CID නිලධාරීන්, ඉකුත් 7 වනදා සිට මෙම පුද්ගලයන් හයදෙනා විද්‍යුත් හා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය කරුණු ප්‍රචාරය කර ඇති බවත්, එය 2024 අංක 8 දරන පනතේ 3(1)අ වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ප්‍රකාශ කළේය. මහින්ද පතිරණ නැමැත්තා සමාජ මාධ්‍ය ඔස්සේ ද, අනෙක් පිරිස විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ද මෙම ප්‍රකාශ සිදුකර ඇති බවත්, ඊට අදාළ ඡායාරූප සහ ප්‍රකාශවල කොටස් ද වාර්තාව සමඟ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ජනප්‍රිය පුවත්  කථානායකව ඉවත් කරන්න! ජ.වි.පෙ. ඇතුළෙන් ඉල්ලීමක්!

මාධ්‍ය ආයතන 8ක දර්ශන කැඳවීමට නියෝග

විමර්ශනයට අදාළව ජූනි 7 වනදා සිට මේ දක්වා ප්‍රචාරය වූ ප්‍රකාශවල සංස්කරණය නොකරන ලද (Raw Footage) දර්ශන ලබා ගැනීමට සහ එම මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන්, සංස්කාරකවරුන් හා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට 1979 අංක 15 දරන පනතේ 124 වගන්තිය ප්‍රකාරව නියෝගයක් නිකුත් කරන ලෙස CIDය ඉල්ලා සිටියේය.

ඒ අනුව, ජාතික රූපවාහිනිය, ස්වර්ණවාහිනිය, සිරස, ශක්ති, සියත, හිරු, දෙරණ සහ TNL යන විද්‍යුත් මාධ්‍ය ආයතන වෙත අදාළ දර්ශන ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකර ඇති ප්‍රචාරණයන් සම්බන්ධයෙන් CID පරිගණක විමර්ශන ඒකකය මඟින් ඉදිරි පරීක්ෂණ පවත්වන බවයි.

සුරේෂ් සලේ නිරීක්ෂණය කිරීමට නියෝග

දැනට රැඳවුම් නියෝග මත ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ තත්ත්වය නිරීක්ෂණය කරන ලෙස CIDය කළ ඉල්ලීමට ද අධිකරණයේ අවධානය යොමු විය.

එහිදී කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, ජාතික රෝහල අයත් බල ප්‍රදේශය භාර මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය මේ පිළිබඳව දැනුවත් කර, ලබන ජූනි 20 වන දිනට පෙර සැකකරුව නිරීක්ෂණයට ලක් කිරීමට පියවර ගන්නා ලෙසයි.

ජනප්‍රිය පුවත්  අගවිනිසුරු සූරසේන සූරපප්පාට අදියි!

සිද්ධියට අදාළ නඩුව ලබන ජූලි 1 වන දින පස්වරු 1.30 ට නැවත කැඳවීමට නියමිතය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x