June 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජාතික රෝහලේදී හෙදියන් විසින් සලේට බලෙන් බෙහෙත් පොවයි?

1 min read

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බ­න්ධ­යෙන් කරනු ලබන විම­ර්ශ­න­යන්ට අදා­ළව සැක­පිට අත්අඩං­ගු­වට ගෙන රැඳ­වුම් නියෝග මත සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ මහතා පෙ‍ෙර්දා (13) පෙර­ව­රුවේ සිට ඖෂධ භාවිත කිරී­මට පට­න්ගෙන ඇතැයි රෝහල් හා පොලිස් ආරං­චි­මාර්ග සඳ­හන් කරයි.

ආහාර වර්ජ­නය කිරීම සහ සිරුරේ ඇති වූ සංකූ­ලතා හේතු­වෙන් සුරේෂ් සලේ මහතා පසු­ගිය 07 වැනිදා කොළඹ ජාතික රෝහ­ලට ඇතු­ළත් කරනු ලැබීය. හදිසි ප්‍රති­කාර ඒක­කයේ ප්‍රති­කාර ලබා­දී­මෙන් අන­තු­රුව ඔහුව සාමාන්‍ය වාට්ටු­ව­කට මාරු­ක­රනු ලැබීය.

එහිදී ඔහුට සේල­යින් ලබාදී ඇති අතර දිගින් දිග­ටම ඔහු ආහාර සහ ඖෂධ ලබා­ගැ­නීම ප්‍රති­ක්ෂේප කර තිබේ. මේ තත්ත්වය මත පෙරේදා (13) හෙදි­යක් විසින් ස‍ලේ මහතා ඖෂධ භාවිත නොකි­රීම සම්බ­න්ධ­යෙන් ද දැඩිව දොස් නඟා ඔහුට ඖෂධ ලබා දී ඇති බව ආරංචි මාර්ග සඳ­හන් කළේය.

“මේක රෝහ­ලක්. රෝහ­ලක සිටින රෝගින්ට මැරෙන්න ඉඩ දෙන්න බැහැ. රෝගි­යාට ඩොක්ටර් නියම කරන බෙ‍හත් බොන්න ඕනේ. ඒ නිසා ඔයා මේ බෙහෙත් ටික බොන්න ඕනේ“ යැයි ඇය දැඩිව සලේ මහ­තාට පවසා ඖෂධ පානය කරන තැනට පත්කර ඇති බව ද එම ආරං­චි­මාර්ග වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

ජනප්‍රිය පුවත්  හදිසි මිලදී ගැනීමේ ගල් අඟුරු ටෙන්ඩරය ධම්මිකගේ සමාගමට – මහා පරිමාණ දූෂණයක් මරික්කාර් හෙළි කරයි!

ඹෟෂධ භාවිත කළද සලේ මහතා තව­දු­ර­ටත් ආහාර වර්ජ­නයේ නිර­තව සිටින බව සඳ­හන්ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x