සලේ වෙනුවෙන් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පෙරට එයි…!
1 min read
හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ පිරිහෙමින් පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය දැඩි අවධානය යොමු කර ඇති බව ජනාධිපතිවරයාට දැනුම්දී ඇත.
දීර්ඝ කාලීන පරිපාලනමය රැඳවුම් භාරයේ පසුවන ඔහුට අවශ්‍ය හදිසි මානුෂීය මැදිහත්වීම සහ උසස් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස එම සංසදය ලිපියක් මගින් ඉල්ලා සිටී.
විධිමත් චෝදනා පත්‍රයකින් තොරව රඳවා තබා ගැනීම වෙනුවට විනිවිදභාවයෙන් යුත් අධිකරණ ක්‍රියාවලියක් කඩිනම් කරන ලෙස ද මෙහිදී අවධාරණය කර ඇත.
දශක ගණනාවක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැප වූ නිලධාරියෙකු ලෙස ඔහුගේ පෞද්ගලික ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම රජය සතු බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.
අවසාන වශයෙන්, ඔහුට සිදුවන ඕනෑම අහිතකර තත්ත්වයක වගකීම අදාළ බලධාරීන් විසින් දැරිය යුතු බවට ද මෙමගින් අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
