June 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සමිඳුනි, “මහමොළකරු” ප්‍රේරිතවරුන්ගෙන් එක් අයකු ද ?

1 min read

මේ තියෙන්නේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය අපට සිහිපත් කරන ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවය. එහි තැවරී ඇත්තේ එම ප්‍රහාරයෙන් මරුමුවට පත් වූ හෝ තුවාල ලැබූ මිනිස්සුන්ගේ රුධිරය ය.

ජේසු සමිදානන් “යහපත් සමාරිතයාගේ” උපමා කතාවෙන් ලොවට කියා දුන්නේ සතුරාට වුව විපතක දී පිහිට විය යුතු බවය. ලෙයට ලෙය ඉල්ලීමෙන් වැලකී සිටිය යුතු බවය. එතුමාගේ දහමේ ප්‍රධාන වශයෙන් ඇත්තේ ප්‍රේමය සහ කරුණාව ගැනය. සමාවදීම පිළිබඳවය. “කුරුසයේ මරණය” හෙවත් මිනිස් සංහතියේ පාපයන් උදෙසා උන්වහන්සේ කුරුසය මත ජීවිතය පූජා කළ අන්දමය. මරණයෙන් තෙවන දින උන්වහන්සේ උත්ථානය වීම ගැනය. එබඳු දහමක වත්මන් නිල බලධාරීහු වන්නේ වතිකානුවය. වතිකානුව මගින් පාලනය වන කතෝලික සභාවය. තවත් විවිද කිතුනු ප්‍රභේද ඇතත්, මේ කතාව අදාළ වන්නේ කතෝලික සභාවට බැවින්, අනෙක් ප්‍රභේද ගැන අපට වැදගත් වන්නේ නැත.

මේ ප්‍රතිමාවේ ලේ තැවරුණේ සහරාන්ලාගේ තුච්ඡ ක්‍රියාව හේතුකොටගෙනය. වත්මන් කතෝලික සභාවේ කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන්ට හා සිරිල් ගාමිණී වැනි පියතුමන්ට අනුව, මේ උමතු ප්‍රහාරය පිටුපස මහමොළකරුවකු සිටිය යුතුය. එබැවින් ජනාධිපති අනුර කුමාර හීලෑ කර, රවී සෙනවිරත්න හා ශානි අබේසේකරට පොලීසිය බාර දී මේ දිනවල හොයමින් ඉන්නේ, කාදිනල්තුමන්ට අවැසි මහමොළකරු ය.

මහමොළකරු සෙවීමේදී අනුර කුමාර ජනාධිපතිවරණය කාලයේ වේදිකාව මතට වී කීවේ, දඩයම කරේ තියන් යන මිනිහා කවුදැයි බැලූ විට දඩයම කළේ කවුදැයි සොයා ගැනීම අපහසු නැති බවය.

කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමාට, ජනාධිපති අනුරට, සිරිල් ගාමිණී පියතුමාට අනුව, මේ කියන්නේ පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසියක් ලැබුණේ කවුද? ඔහු හෝ ඇය මේ ප්‍රහාරය පිටුපස සිටිය යුතුය යන අදහසය.

පළමුකොටම කිවයුත්තේ, වාසි ලැබුනද නොලැබුනද වාසි ලැබුනායැයි සිතුවද, වාසි යනු ඉබේ ලැබෙන දෙයක් ද ඉමහත් උවමනාවෙන් ලබා ගන්නා වූ දෙයක් ද විය හැකි බවය. ජීවිතයේ “පොට්ට චාන්ස්” කියා දේවල් ගැන සඳහන් වන්නේ තමාගේ විශේෂ සම්බන්ධයකින් තොරව, නොදැනුවත්වම ලැබෙන වාසිය.

ජනප්‍රිය පුවත්  එප්ස්ටීන් - ටයිටැනික්!

දැන් ටික කලෙක සිට රුසියාව හා යුක්‍රේනය ඉන්නේ ගැටුමකය. මේ ගැටුම නිසා රුසියාවේ තෙල් හා ගෑස් මිලදී ගැනීම යුරෝපය හා බටහිර නතර කළේය. ඒ තීරණයේ වාසිය සැලසුණු රටවල් අතර ප්‍රධානතම එක රටක් වන්නේ ඉන්දියාවය. ඉන්දියාව රුසියාවෙන් අඩු මිලට ඉන්ධන මිලදී ගෙන වැඩි වාසි ලබන්නේය.

දැන්, මේ නිසා ඉන්දියාව තමයි රුසියානු – යුක්‍රේන ගැටුමේ මහමොළකරුයැයි යමෙකු පවසන්නේනම් ඔහුට හෝ ඇයට ඇත්තටම පිස්සුය.

ඊළඟට කල්පනා කළ යුත්තේ සිදුවීමෙන් අනියම් වාසියක් හෝ ලැබුනේ කාටද යන්නය. ආණ්ඩුවේ පාර්ශවය හා කාදිනල්තුමන්ගේ පාර්ශවය කියන්නේ මෙහි දේශපාලන වාසිය ලැබුණේ ගෝඨාභයට කියාය. 2019 ඔහු ජනාධිපති වූයේ ඒ වාසිය හිමිකරගෙන බවය. මහමොළකරු ගෝඨාභය බවය. යුද හමුදා බුද්ධි අංශය ඒ සඳහා පාවිච්චි කළේ සුරේෂ් සලේ හරහා ගෝඨාභය බවය.

මේ නිගමනය නිවැරදිනම්, 2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය දිනවන්නට කාදිනල්තුමන් පුරෝගාමීව ක්‍රියා කළේ මේ හාංකවිසියක්වත් නොතේරුණු පුංචි බබෙකු බවට ඒ වන විට එතුමන් පත්ව සිටිය නිසාද? තමන්ග‍ෙම පල්ලිවල මිනිස් බෝම්බ පුපුරවපු සහරාන්ලගේ “මහමොළකරු” ගෝඨාභය දිනවන්න කාදිනල්තුමන් ක්‍රියා කළේ ඇයි? එය එසේනම් බරපතල පාපයක් නොවන්නේද?

අපගේ වැදගත්ම ප්‍රශ්නය එය නොවේ. පාස්කු ප්‍රහාරයෙන් “වාසියක්” ලැබුනායැයි සිතනවිට එබඳු වාසියක් ලැබුණේනම් ලැබූ එකම පුද්ගලයා ගෝඨාභයද? නැත! ඇත්ත වාසිය සැලසුනේ වෙනින් කාටවත් නොව දොන් ඇල්බට් මැල්කම් රංජිත් කාදිනල්තුමන්ටය.

එතුමා ලද වාසිය කුමක් ද? මේ සිදුවීමත් (පාස්කු ඉරිදා ප්‍රහාරයත්) සමග කතෝලික පල්ලියට මුස්ලිම්, කතෝලික හා විවිද වූ ධානපතියෝ විශාල වශයෙන් ධන පරිත්‍යාග කළහ. ඒවාට වූයේ කුමක්දැයි කිසිවකු දන්නේ නැත. මෙම සිදුවීම නොවුනේනම් මැල්කම් රංජිත් අගරදගුරුතුමන්ට විශ්‍රාම යන්නට සිදුවන්නේ 2022 වසරේ අගදීය. එහෙත් මේ සිදුවීම හේතුකොටගෙන වතිකානුව මැල්කම් රංජිත් අගරදගුරුතුමන්ව විශ්‍රාම නොයවා දැන් වසර 4 ක් තිස්සේ අතිරේක කාලයක් ඒ තණතුරේ එතුමන්ව තබාගෙන සිටින්නේය. සහරාන්ලා අර අපරාධය සිදු නොකළානම් ඒ වාසිය මැල්කම් අගරදගුරුතුමන්ට ලැබෙන්නේ නැත.

ජනප්‍රිය පුවත්  රයිගමයයි - ගම්පලයයි

අනෙක් ප්‍රශ්නය වන්නේ, කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන්ට කොමන්ඩෝ සෙබළුන්ද සහිතව ප්‍රභූ ආරක්‍ෂාව හිමිව ඇත. ප්‍රභූ ආරක්ෂාව ලබා දී තිබූ සියළු ප්‍රභූන්ට බුද්ධි අංශ මගින් සිදු කරන ලද අනතුරු ඇඟවීම දන්වා තිබුණි. ඒ අනුව මැති ඇමතිවරුන්ගේ ප්‍රභූ ආරක්ෂාව බාරව සිටි ප්‍රධානින්ට අදාළ අනතුරු ඇඟවීම සිදුවීම වූ දිනයට පෙර කළේනම් කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන්ගේ ප්‍රභූ ආරක්ෂාව බාර ප්‍රධානියාට ද එම දැනුවත්කිරීම නිසැකවම ලැබිය යුතුය. මේ කියන කාලයේ මේ සියලු දෙනාගේ ප්‍රභූ ආරක්ෂාව බාරව සිටියේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක ය.

2019 වසරේ දී කාදිනල්තුමා සෙන්ට් ලුසියා කැතීඩ්‍රලයේ සෙනසුරාදා රෑ පැවැති “විජිල්” පූජාවට පමණක් සහභාගී වී පාස්කු ඉරිදා උදේ පැවති පූජාවට සහභාගී නොවුනේ කුමන හේතුවක් නිසාද? මැල්කම් රංජිත් කාදිනල්තුමා කොළඹ අගරදගුරු පදවියට පත්වූයේ 2009 වසරේදී ය.

කොළඹ ආච් බිෂොප් පදවියේ ආසන්න දෙව් මැදුර කොටහේන සෙන්ට් ලුසියා කැතීවඩ්‍රලයයි. කැතීඩුලය යනුවෙන් එය හඳුන්වන්නේ අගරදගුරුතුමන්ගේ නිල ආසනය හෙවත් “කැතීඩ්‍රාව” (Cathedra) ඇත්තේ එම දෙව් මැදුරේ වන බැවිනි. 2009 සිට 2018 වසර දක්වාම, සෙනසුරාදා රාත්‍රී සෙන්ට් ලුසියා පැවැත්වෙන “විජිල්” පූජාවට සහභාගි වී, පසුව ඉරිදා උදෑසන පැවැත්වෙන පූජාවට ද කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් සහභාගි වී තිබේ. එහෙත් 2019 වසරේ පාස්කු ඉරිඳා උදෑසන පූජාවට එතුමන් නොගියේ ඇයි? කොටහේනේ සෙන්ට් ලුසියා දෙව්මැදුර වෙනුවට වෙන දෙව්මැදුරකට උදෑසන පූජාවකටද සහභාගී නොවුණු කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන්, එම උදෑසන පූජාව ප්‍රථම වරට මගහැරියේ තම ප්‍රභූ ආරක්‍ෂාව බාර ප්‍රධානින්ගේ උපදේශය මත ද? අනතුරු ඇඟවීම මතද?

ජනප්‍රිය පුවත්  ජාතික කුඩය ඉස්සීම

අනතුරු ඇඟවීම තමන්ට ලැබුණු නිසා පාස්කු ඉරිදා උදේ දේවමෙහෙයට සහභාගි නොවූ කාදිනල්තුමා, ඒ අනතුරු ඇඟවීම වහාම ත්‍රස්තප්‍රහාරයන්ගේ ඉලක්ක විය හැකියැයි සිතූ දේවස්ථානබාර පියතුමන්ලාට දැනුම්වත් නොකළේ ඇයි? ඒ මගින් එම පාස්කු ඉරිදා පෙරවරු දේවමෙහෙයන් නතර නොකළේ ඇයි?

කුමන්ත්‍රණ න්‍යායෙන් මහමොළකරු ගෝඨාභය බවට පත්කරන්නට හදන සියල්ලන්ගෙන් අප අසන්නේ, එම න්‍යාය අනුව “මහමොළකරු” කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමා විය නොහැකිද? යන්නයි.

තවත් එම ප්‍රශ්නය බරපතලවන්නේ, මෙම ප්‍රහාරය වෙන බව දැන දැනම වෙන්නට ඉඩ දී බලා සිටි රවී සෙනවිරත්නට හා ශානි අබේසේකරට අනුර කුමාරගේ ආණ්ඩුවේ පොලීසිය බාර දෙන්නේ කාදිනල්තුමා වීම විසිණි. එයින් කියැවෙන්නේ සැබෑ මහමොළකරු සැඟවීමට ව්‍යාජ මහමොළකරුවෙකු නිමවා කුරුසයේ තබා ඇන ගැසීම මේ ව්‍යාපෘතියේ අරුත බව ද? එවැනි වැඩකට ගැලපෙන්නේ විනාශය වෙත බව දැන දැනම එය සිදුවන්නට ඉඩ දී බලා සිටි රවී හා ශානි වැන්නන් බව තේරුම් ගැනීම කාදිනල්තුමන්ගේ එම තේරීමේ හේතුව වන බවද?

සර්ව බලධාරී දෙවියන්වහන්ස, නාසරෙත්හි ජේසුස්වහන්ස, ඔබ වහන්සේගේ දහම පැතිරවීම පිණිස ඔබ වහන්සේ තෝරාගත් ප්‍රධාන ගෝලයන් 12 දෙනා හැඳින්වූයේ ප්‍රේරිතවරුන් කියාය. “ප්‍රේරිතයා” යන්නෙහි තේරුම “පණිවිඩයක් රැගෙනයාම සඳහා විශේෂයෙන් යවන ලද තැනැත්තා” යන්නය. සීමොන් පේදුරු, අන්දම, ජාකොබ්, යොහන්, පිලිප්, බර්තොලමෙව්, තෝමස්, මතෙව්, ජාකොබ් (කුඩා ජාකොබ්), තද්ඥවුස්, සීමොන් සමග යුදස් ඉස්කාරියොත් ද ඒ දොළොස් දෙනා අතර වූයේය. රිදී කාසි 30 කට ඔබවහන්සේව පාවාදුන්නේ යුදස් ඉස්කාරියොත්ය. ජේසුතුමනී, අප අතර සිටින යුදස් ඉස්කාරියොත් හෙවත් “මහමොළකරු” හඳුනාගත මැනව! අපට පෙන්වා දෙනු මැනව! අපට අනුකම්පා කළ මැනව!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x