July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 6ට සාපේක්ෂව අඩුවක්

1 min read

මෙරට සංචාරක කර්මාන්තයෙන් උපයා ගන්නා ලද ආදායම පසුගිය වසරේ මුල් මාස 6ට සාපේක්ෂව යම් පහළ යෑමක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවකට අනුව මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා වූ ගතවූ කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ලද ආදායම ඩොලර් මිලියන 1,511.1ක් ලෙස සටහන්ව තිබුණද පසුගිය වසරේ ජනවාරි සිට ජුනි මස දක්වා ගත වූ මාස 6 සඳහා සංචාරක ආදායමෙන් උපයා ගෙන ඇති මුදල ඩොලර් මිලියන 1,712.6ක් ලෙස එහි දැක්වේ.

එමෙන්ම පසුගිය මැයි මාසයේදී සංචාරක ආදායමෙන් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 155.7ක ආදායමක් එක්රැස් කර තිබුණද ජුනි මාසයේදී එහි යම් අඩුවීමක් පෙන්නුම් කරමින් එම මාසයට සංචාරක ආදායමෙන් රැස් කරගත් මුදල අමෙරිකානු ඩොලර් මිලියන 151.1ක් ලෙස සටහන් වී තිබේ.

එමෙන්ම පසුගිය වසරේ ජූනි මාසය හා සැසඳීමේදීද මෙම වසරේ ජුනි මාසයට අදාළව සංචාරක ආදායමේ යම් අඩුවීමක් ද පෙන්නුම් කර තිබේ.

ඒ අනුව පසුගිය වසරේ ජුනි මාසයේදී පමණක් මෙරටට සංචාරක ආදායමෙන් ලද මුදල අමෙරිකානු ඩොලර් මිලියන 169.5ක් ලෙසද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

ජනප්‍රිය පුවත්  ආණ්ඩුව අකුලගනී! අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දමයි!

මේ අතර මෙරටට ලද විදෙස් ප්‍රේශණ ප්‍රමාණයද මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී කැපී පෙනෙන අඩුවක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව පසුගිය මැයි මාසයේදී මෙරටට විදෙස් ප්‍රේශණ තුළින් අමෙරිකානු ඩොලර් මිලියන 847ක ආදායමක් ලැබී තිබුණද ජුනි මාසයට ලද ආදායම ලෙස වාර්තා වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 695කි.

ඒ අනුව පසුගිය මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී ඩොලර් මිලියන 152ක අඩුවීමක් පෙන්නුම් කර ඇතැයිද මහ බැංකු වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් පසුගිය වසරට සාපේක්ෂව ගතවූ මාස 6 සැලකූ විට මෙරටට ලද විදෙස් ප්‍රේශණ ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

එහිදී පසුගිය වසරේ මුල් මාස 6 තුළ විදෙස් ප්‍රේශණ තුළින් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 3,738ක මුදලක් ලැබී ඇති අතර මෙම වසරේ එම කාලය තුළ මෙරටට ලැබී ඇති විදෙස් ප්‍රේශණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 4,604.8කි.

ඒ අනුව එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව ලද විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 866.8ක ඉහළ යෑමක් ලෙසද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

ජනප්‍රිය පුවත්  රනිල් හෙට ලංකාවට!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x