June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විමල් වීරවංශ වරෙන්තු කරන්න හෝ සැකරුවෙක් කරන්න තවම බැහැ…!

1 min read

බත්තරමුල්ල පැලවත්ත රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුල් වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියට අඳාළව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු‍ මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිස සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අධිකරණයට වාර්තා කරන මෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස ඊයේ (20) දින තලංගම පොලිසියට නියම කර ඇති බව වාර්තා වේ.

මහේත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ තලංගම පොලිසිය විසින් ඊයේ (20) දින මෙම පිරිසට එරෙහිව චෝදනා තුනක් යටතේ අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබූ විටයි.

එසේම පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ විජයග්‍රහණය සැමරීම සඳහා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල රණවිරු සැමරුම් උත්සවයට ජනාධිපතිරවරයා ඇතුළු මැති ඇමැතිවරුන් සහභාගී වීමට නියමිතව තිබූ බැවින් එය ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබූ බවයි.

එහෙත් එසේ තිබියදී පසුගිය 18 වැනි දින විමල් වීරවංශ අතුළු පිරිසක් එම භූමියට අයුතු ආකාරයට ඇතුළු වී, අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින්, පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරීම සහ පොලිසියට අඩන්තේට්ටම් කිරීම ලෙසින් ලංකා දණ්ඩ නිති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි සිදු කර ඇති බවට පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ජනප්‍රිය පුවත්  ලාල් කාන්තගේ ප්‍රකාශයට ජාතික සංඝ සම්මේලනයේ විරෝධය!

එහිදී විමල් වීරවංශ ඇතුළු පිරිස ‍සඳහා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් නිතීඥ කමල් විජේසිරි මහතා පවසා සිටියේ, පොලිසිය ඉදිරිපත් කරන ආකාරයේ සිද්ධියක් එහිදී සිදු නොවූ බවයි. ඒ අනුව අධිකරණයට කරුණු දැක්වූ නිතීඥවරයා, ස්වාමිනි, පොලිසිය කියන ආකාරයට කිසිදු අයුතු ජනරාශියක් හෝ බලහත්හාරයෙන් එම ස්ථානයට ඇතුළුවීමක් සිදුවුණේ නෑ. මගේ සේවාදායකයින් මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව කරන ලද ඉල්ලීමක් මත එම ස්ථානයට යන බවට දැනුම් දිලා තිබුණා. එහෙම දැනුම් දීලා තමයි ඒ අය එතැනට ගියේ. එම ස්ථානයට පොදු මහජනතාවට ඇතුළු විය හැකි ස්ථානයක් මිස එය තහනම් කලාපයක් නොවෙයි. විශේෂයෙන්ම එම ස්ථානය පුද්ගලික හෝ අවසරයකින් තොරව ඇතුළු විය යුතු ස්ථානයක් නොවේ. මගේ සේවාදායකයින් ගියේ රණවිරුවන් සමරන්න. ඔවුන් ලිඛිතව දැනුම් දීලා අවසර අරගෙන ගිය සැමරීමට පොලිස් නිලධාරීන් තමයි බාධා කළේ. පොලිස් නිලධාරින් තමයි අනීතිකව කටයුතු කළේ. ස්වාමිනී, ඒ සම්බන්ධයෙන් සොයා බැලියු යුතුයි” යනුවෙන් පවසා ඇත.

එහිදී අධිකරණය දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ඇති තත්ත්වය විමර්ශන අවදියේ තිබෙන බැවින් මෙහි සැකකරුවන් වශයෙන් නම් කිරීම හෝ වරෙන්තු නිකුත් කිරීමක් මේ අවස්ථාවේ සිදුකළ නොහැකි බව‍යි.

ජනප්‍රිය පුවත්  විදුලි බිල වැඩිකළ යුතුමයි! IMF කියයි

සිද්ධියට අඳාළ විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට වාර්තා කරන ලෙසට, මහේස්ත්‍රාත්වරයා තලංගම පොලිසියට නියම කරමින් නඩුව කල් තබා තිබෙනවා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x