June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වෙල්ලෙයිමුල්ලිවයික්කාල් කැඳ ! සරසවි සිසුන්, මල්වානේ සිට යාපනය දක්වා !

1 min read

සිංහල හෝ දෙමළ වේවා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තම වෛරී පක්ෂ න්‍යායපත්‍ර සඳහා අපයෝජනය කරන කාලකන්නි දේශපාලන සංස්කෘතිය පවතින තාක් කල් අපේ විශ්ව විද්‍යාල තුලින් දියුනු නවීන විද්‍යාර්ථියකු හා සාර්ථක අනාගත පුරවැසියකු බිහි වන්නේ නැත.!

වෙල්ලෙයිමුල්ලිවයික්කාල් කැඳ නොහොත් මුල්ලිවයික්කාල් කැඳ යනු බෙදුම්වාදී ස්මරණයන්ගේ (හෝ සමරු උත්සවයන්ගේ සංකේතාත්මක පානයකි) එය බෙහෙවින් ලුනුකැඳ වලට සමාන අතර මේ සම්බන්ධයෙන් ගොඩ නැගී ඇති කතාව වන්නේ, යුද්ධයේ අවසන් අදියරේදී ඒ ප්‍රදේශයේ රැඳී සිටි සිවිල් වැසියන් ‘දිවි ගැටගසා ගත්තේ‘ එම කැඳ පානයෙන් බවයි. එම අවස්ථාව නොහොත් ඊනියා වාර්ගික සංහාරය සිහිපත් කිරීමේ දර්ශීය පානයක් ලෙස මුල්ලිවයික්කාල් කැඳ පානය කිරීම සිදුවේ. මේ ඡායාරූපයේ දැක්වෙන්නේ පාසල් සිසු සිසුවියන්ට හා ගුරුභවතුන්ට එම කැඳ බෙදා දෙන යාපනය විශ්ව විද්‍යාලයේ යැයි සඳහන් සිසුන්ගේ ඡායාරූපයකි. ඉන් ගම්‍ය වන්නේ බෙදුම්වාදී යුද්ධය අවසන් වුවද, බෙදුම්වාදී ව්‍යාපෘතිය අවසන් නැති බවය. ඒ සඳහා සරසවි සිසුන් එක්කෝ ප්‍රමුඛත්වය ගෙන තිබේ. නැත්නම් යොදාගැනේ. කෙසේ වුවද එය (කැඳ බෙදීම) දේශපාලන ක්‍රියාකාරකමකි.

ජනප්‍රිය පුවත්  අනුර තමන්ගෙම විශ්‍රාම සැප අහෝසි කරගත්තලු 🤣

මල්වානේ නිවස (කලින් බැසිල් රාජපක්ෂ සතුව තිබුනේ යැයි කියූ පසුව නඩු කටයුතු වලදී හිමිකරුවකු නොවූ බැවින් රජයට පවරාගත් නිවස) අත්පත් කරගත් නව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමන්ඩලය එහි පදිංචිවීම, උයා පිහාගෙන කෑම පසුගිය දින කීපය තුළ දැඩි කතාබහට ලක්විය. අන්තරේ නමින් ප්‍රකට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය වෙනුවට ‘අලුත් අන්තරයක්‘ බිහිවී ඔවුන් මෙම කටයුත්තේ ප්‍රමුඛත්වය ගැනීම කැපී පෙනුනි. ‘උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හා වෙනත් සම්පත් අඩුවීම හුවා දක්වමින් ඒවා දිනාදීම පිණිස‘ ‘සටනට බැසීමට‘ නව අන්තරේ ප්‍රමුඛත්වය ගෙන තිබේ. නැත්නම් නව අන්තරේ යොදා ගැනේ. මෙයද දේශපාලන ක්‍රියාකාරකමකි.

සරසවි සිසුන්ගේ දේශපාලන අයිතිය, සටන්කාමීත්වය, අරගලශීලීත්වය පිළිබඳව මීට දශක කිහිපයකට පෙර තිබූ ස්ථාවරය හැඩය ගැඹුර අද බෙහෙවින් වෙනස්වී තිබේ. සමහර විට පසුදා පහන්වන තුරුම සිදු කෙරෙන දියුනු දේශපාලන සංවාද වාද විවාද විචාර අසා සිටි සරසවි නේවාසිකාගාර බිත්ති අද පෝස්ටර් තට්ටු ගනන් දරා සිටින බොල් බිත්ති බවට පත්ව තිබේ. කෙසේ වෙතත්, ශාස්ත්‍රීය ප්‍රගමණය විසින් විචක්ෂණශීලී විචාරශීලී නිර්මාණශීලී සුහුඹුලන් බවට විශ්ව විද්‍යාල තුලදී රූපාන්තරණය වූ තරුණ විද්‍යාර්තීහු නොසන්ඩාල, අසංස්කෘතික, කාඩ පිරිසක් බවට පත්වෙති. ඒ ඉබේටම නොව, ඒ නොමේරු දරුවන්ගේ මනස් ආක්‍රමණය කරන දේශපාලන ව්‍යාපාර වල මෙහෙයවීම නිසාමය.

ජනප්‍රිය පුවත්  හරක් මැරීම හා වෙසක් මැරීම

උතුරේ කැඳ බෙදන සිසුන් පිටුපස සිටින දේශපාලන ව්‍යාපාරය උතුරේ වැසියන්ගේ ඉල්ලීමක් නොවන අතර, ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමේ භූ දේශපාලනික ව්‍යාපෘතියේ, බලල් අත් වල ගැටගැසූ කොස්ඇට මීයන් ය. දකුනේ අන්තර, නව අන්තර පිටුපස සිටින ‘අන්දරේලාද‘ දකුනේ ජනතාවගේ ඉල්ලීමක් නොවන අතර, යටකී ව්‍යාපෘති වල බලල් අත්මය.

කෙසේ වෙතත් මේ කියන්නේ පැරණි ආන්ඩු හා නායකයින් නිසා රට ස්ථාවරවූ බව නම් නොවේ. උන් නිසා අස්ථාවර වූ රට, ස්ථාවර කරනු පිණිස නව සමාජ ප්‍රවාහ බිහිවීමට ඇති ඉඩකඩ උතුරේත් දකුනේත් ක්‍රියාත්මක භූදේශපාලනික ව්‍යාපෘති වල බලල් අත් විසින් සාර්ථකව ව්‍යර්ථ කොට තිබේ. එවැනි සමාජ ව්‍යාපාර සඳහා වැඩියෙන්ම ඉඩකඩ ඇති විශ්ව විද්‍යාල වැනි ශාස්ත්‍රීය අවකාශයන්ට ප්‍රවේශ වල ජාතියේ අනාගත ප්‍රාඥයින්, ශාස්ත්‍රඥයින් ඒ අඳුරු මිනිසුන්ගේ අත්ඩංගුවට පත්ව තිබේ.

චමිල ලියනගේ –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x