වෙල්කම් මැල්කම් !
1 min read
මේ ඉන්නේ මැල්කම් ය. මැල්කම් කියා කීවාට මේ ඉන්නේ රදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් පියතුමාණෝ ය. මැල්කම් පියතුමා ඉන්නේ “මුඛේ මධුරං හෘදේ බුරපං” අන්දමට ය. කටින් මී පැණි මෙන් මිහිරි දේ වැක් කලත් හදවතේ කතුරක් (නපුරු අදහසක්) සඟවාගෙන සිටින එකාට අපේ පැරැන්නෝ කීවේ “මුඛේ මධුරං හෘදේ බුරපං” ජාතියේ බඩු කියාය. මැල්කම් ද අයත් වන්නේ ඒ ගණයට ය.
දැන්, ලංකාව පාලනය කරන්නේ, මේ මැල්කම් ය. ජනාධිපති අනුර මැල්කම් කියන දේට පිටින් යන්නේ නැත.
වර්තමාන හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝට සේවා දිගු දීම තීරණය කරන්නේ මේ මැල්කම් ය. ශ්‍රී ලංකා යුද හමුදාවේ ඊළඟ යුද හමුදාපති වන්නේ කවුදැයි තීරණය කරන්නේ මේ මැල්කම් ය. නාවික හමුදාවේ ද හමුදාපති තීරණය කළේ ද මේ මැල්කම් ය. බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කරන ලද පරිදි, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නව එම තණතුරට පත් කරන ලද්දේ ද මේ මැල්කම් ය. එමෙන්ම, බිමල් රත්නායක කියූ පරිදි, C.I.D. යේ වර්තමාන ප්‍රධානී ශානි අබේසේකරව ඒ තණතුරට පත් කරන ලද්දේ ද මේ මැල්කම් ය.
ජ.වි.පෙ. පැලවත්ත මූලස්ථාන ගොඩනැගිල්ලේ නත්තලට සැරසුවත්, වෙසක් උත්සවයට කිසිදු සැරසිල්ලක් නැත්තේ, මේ මැල්කම් ඒ තරමටම බලවත් නිසාය.
මීගමුව වැල්ල වීදියේ වාහන “පාක්” එකේ වගේම, මීගමුව ලෙල්ලමේ බදු මුදල් එකතු කරන්නේ මේ මැල්කම් ය. මීගමුව නගරසභාවේ මාලිමාවේ නගරාධිපතිව සිටි රොබට් හීන්කෙන්ද එම ස්ථාන වල බදු මුදල් නගරසභාව විසින් අයකරන බව දැනුම්දුන්නේ මීගමුව මහ පල්ලියට ය. මැල්කම්ගේ එක දුරකථන පණිවුඩයකින් තට්ටු වුණේ ඒ එඩිතර තීරණය ගත් නගරාධිපතිවරයාගේ පට්ටමට ය. පල්ලියේ ආදායම් උපදවන මූලාශ්‍ර සමඟ “ගේම ඉල්ලන්නට ගොස්” ලෙල්ලම් වූයේ නගරාධිපති රොබට් හීන්කෙන්ද ය. අද රට පාලනය කරන්නේ මැල්කම් ය. තම නගරාධිපතිවරයා පවා ඉවත් කරන්නට ජ.වි.පෙ. මැල්කම් ඉදිරිපිට පදිරිවෙන්නේ, බලය ඇත්තේ මැල්කම් අතේ වන නිසාය.
පාස්කු ප්‍රහාරය ගැන බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, පූර්ව පියවර නොගත්තේ රවී සහ ශානී ය. මැල්කම් ද එම දිනයේ ඉතිහාසයේ පළමු වතාවට පාස්කු දේව මෙහෙයට සහභාගි වූයේ නැත. අපරාධය වෙන්න ඉඩදී බලා සිටිය වුන් හා, අපරාධය සිදුවන දිනයේ පාස්කු දේව මෙහෙයට සහභාගී නොවී ජීවිත ආරක්ෂාව ලබාගත්ත වුන් අද ඉන්නේ එකට ය. එහෙම වෙන්නේ කොහොමද ?
ඇමරිකාවේ බොස්ටන් අගරදගුරු පදවිය භාරව සිටි කාලයේ දී එහි සිටි පූජකයන් විසින් කුඩා ළමුන් සිය ගණනකට සිදුකළ ලිංගික අපයෝජන සිදුවීම් වසර ගණනාවක් තිස්සේ දැනුවත්ව වසන් කළේ කාදිනල් බර්නාඩ් ලෝ ය. මෙය හෙළිවීමත් සමඟම කාදිනල් බර්නාඩ් ලෝට එම ධූරයෙන් ඉල්ලා අස්වීමට ද සිදුවිය.
තියඩොර් මැක්කැරීක් යනු, වොෂින්ටන් ඩී.සීී. හි හිටපු අගරදගුරු ය. ඔහු, දශක ගණනාවක් තිස්සේ බාලවයස්කාර දරුවන් සහ පූජක සිසුන් ලිංගික අපයෝජනයට ලක්කර පසුව, ඒ බව හෙළිදරව් වූ පසුව, කාදිනල් තනතුර ද අහිමිව සාමාන්‍ය වැසියකු බවට පත් වූයේය.
මැල්කම් වඩාත් සමීපවන්නේ මධ්‍යතන යුගයේ (1492-1503) රෝමයේ රදගුරු මෙන්ම පාප් ධූරය දැරූ හය වන ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේට ය. උන්දෑ කළේ පල්ලියේ සල්ලි සූදුවට සහ විනෝදය සඳහා යෙදවීම ය. අල්ලස් ලබා දී තනතුරු ලබාගැනීම ය. අනියම් බිරින්දෑවරුන් රැසක් තබා ගැනීම ය. මැල්කම් ද ඉන්නේ ඒ වාගේය.
බදු ආදායම එන්නේ මීගමුව වැල්ල වීදියෙන් ය. එතනින් පමණක්ම නොව මීගමුව ලෙල්ලමෙන් ය. එන සල්ලි මිනිසුන්ට පොලියට දී වගා කරන්නේ සිරිල් ගාමිණී ගජයාගේ නංගි විවාහ වූ ටෝර්නි ය. මීගමුවේ ඇගළුම් කර්මාන්තශාලාවල වැඩකරන සේවිකාවෝ, සල්ලි පොලියට ගන්නේ මේ ටෝර්නිගෙන් ය. මීගමුවේ ඇති නීති විරෝධී කරවල වාඩි පවත්වාගෙන යන්නේ ද මැල්කම්ගේ පල්ලිය ය. සෙත්සරණ අධ්‍යක්ෂක පියතුමා, ඒ ජාවාරමේ ප්‍රධානියා ය.
මීගමුව “මාලිමා” නගරාධිපති එක තප්පරයෙන් “ඉල්ලා අස්කරවූයේ” මැල්කම් ය. එය රොබට් හීන්කෙන්ද අනුර කුමාරගේ ඇත්ත බලවේගයට රිද්ද වූ හින්දා ය. රොබට්ලා ඉන්නේ, මේ “ගේමේ” නොතේරෙන, අහිංසක දේශපාලන කලාපයක ය.
ජනාධිපති අනුර කුමාර “වෙල්කම්” කරන්නේ “මැල්කම්” ය. මහනායක හිමිවරු හෝ මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමිට හෝ කරන්න පුලුවන් කෙං ගෙඩියක් ඇත්තේම නැත. කලවැල්ගල චන්ද්‍රලෝක හිමි ද අසරණය. අනාගාමික ලේබලය යටතේ මැල්කම්ලාට රටම බාර දී ඇත්තේ හරිම අපූරුවට ය. මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමියනි, මේ උවදුරෙන් අනුර කුමාර බේරාගැනුමට යාඥා කරනු මැනවි. අපට කියන්නට ඇත්තේ “ආමේන්” කියාය.