July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වෙනිසියුලාවේ භූකම්පනයෙන් දින 6කට පසු තුන් හැවිරිදි දරුවෙකු බේරාගනී

1 min read

පසුගිය දා වෙනිසුවේලාවට බලපෑ ප්‍රබල භූකම්පනයන්ගේ බලපෑමෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි තුන් හැවිරිදි දරුවෙකු දින 6කට පසු බේරාගෙන තිබේ.

ක්ලයිබර් මොරාන් (Klieber Morán) ලෙස හඳුනාගෙන ඇති එම දරුවා ලා ගුවයිරා (La Guaira) ප්‍රාන්තයේ සුන්බුන් අතරින් මෙලෙස ගලවාගෙන ඇත්තේ ජෝර්දාන ගලවා ගැනීමේ කණ්ඩායමක් විසිනි.

දරුවාට ප්‍රථමාධාර ලබා දී කරාකස් නගරයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වෙනිසියුලානු බලධාරීන් පවසයි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත්තේ භූකම්පනයෙන් පීඩාවට පත් දස දහස් සංඛ්‍යාත ජනතාවට ආහාර, නවාතැන් සහ අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය හදිසි අවශ්‍යතාවක් පවතින බවය.

වාර්තාවට අනුව, රික්ටර් මාපකයේ 7.2 සහ 7.5 ප්‍රබලත්වයෙන් සිදුවූ භූකම්පන හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,943 දක්වා ඉහළ ගොස් ඇති අතර, 10,000කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. තවත් දහස් ගණනක් අතුරුදන්ව ඇති බවද සඳහන් වේ.

නාසා ආයතනයේ මූලික චන්ද්‍රිකා දත්ත අනුව ගොඩනැගිලි 58,000කට වැඩි සංඛ්‍යාවක් හානි වී හෝ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

ජනප්‍රිය පුවත්  අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉවත් වෙයි.. - ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට තිබූ අමෙරිකා - ඉරාන සාකච්ඡා අවලංගුයි..

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පෙන්වා දෙන්නේ, සෞඛ්‍ය සේවා දැඩි පීඩනයකට ලක්ව ඇති අතර, අඩු එන්නත් ආවරණය හේතුවෙන් රෝග පැතිරීමේ අවදානම ඉහළ ගොස් ඇති බවය.

ජාත්‍යන්තර ගලවා ගැනීමේ කණ්ඩායම් සහ සහන සේවා තවදුරටත් සුන්බුන් අතර සිරව සිටින පුද්ගලයන් සොයා මෙහෙයුම් සිදුකරන අතර, මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකිරීම ද මේ වන විට ආරම්භ වී තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x