June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොලෝසියේ වලිය ඇවිලේ !

1 min read

පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක අතර ඇතිව තිබෙන ගැටුම මේ වන විට ඉතා බරපතල තත්ත්වයකට වර්ධනය වී තිබේ.

පොලීසියේ පරිපාලන කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මාධ්‍යවේදී බිමල් රුහුණගේ අතර ඇති වූයේ යැයි කියන පුද්ගලික දුරකථන සංවාදයක හඬ පටයක් මෙම ගැටුම වර්ධනය වීමට හේතු වී තිබේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය

එම හඬ පටය තුළ වන කතා බහ තුළදී පොලිස්පතිවරයා සහ දකුණු පලාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති පතිනායක බරපතල කරුණු ගණනාවක් හෙළි කර තිබේ. ශ්‍රී ලංකා පොලීසියේ සාමාජිකයන්ට පාවිච්චිය සඳහා මිල දී ගැනීමට නියමිත බැනියම් ඇතුළු යට ඇඳුම් ටෙන්ඩරයකින් පොලිස්පතිවරයා සිදු කරන දූෂණය සම්බන්ධව මෙහි කරුණු දක්වා තිබේ. “පොලිස්පතිවරයෙක් නෙවෙයි, මෙයා දූෂිතයෙක්” යනුවෙන් පවසන අයුරු ද අදාළ හඬ පටයේ දැක් වේ.

මෙම හඬ පටය පාදක කරගෙන, පොලිස්පතිවරයා විසින් රහස් පොලීසියට පැමිණිලි කර ඇත්තේ, ශ්‍රී ලංකා පොලීසියේ දැනට සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වන පතිනායකට එරෙහිවය. පොලිස්පතිවරයා විසින් ඔහු පිළිබඳව ජාතික පොලිස් කොමිෂමට ද පැමිණිලි කර තිබේ.

ජනප්‍රිය පුවත්  GMOA රජයට දුන් පැය 48 අදින් අවසන්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක

ඒ අනුව, මේ දෙදෙනා අතර ගැටුම පොලීසිය අභ්‍යන්තරය දරුණු බෙදීමකට ලක් වීමට හේතු වී තිබේ. තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කීප දෙනෙක්ද පතිනායක සමඟ පොලිස්පතිවරයාට එරෙහිව ක්‍රියා කරමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පෙන්වා දේ.

තීක්ෂණ පලිහේවා

Lanka Underground

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
trackback

[…] පොලෝසියේ වලිය ඇවිලේ ! […]

1
0
Would love your thoughts, please comment.x
()
x