April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විශ්වාසභංගයට පෙර අනුර ඉල්ලා අස් නොවුණොත් බිමල් අස්වෙයි!

1 min read

බලශක්ති අමාත්‍ය අනුර ජයකොඩි ලබන සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන විශ්වාසභංගයට පෙර ඉල්ලා අස් නොවුණහොත්, තමන් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකර තමන් දරන සභානායක ධුරයෙන් ඉල්ලා අස්වෙන බව බිමල් රත්නායක අමාත්‍යවරයා ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට දන්වා තිබේ.

පක්ෂයේ බහුතර සාමාජිකයන්, බාල ගල් අඟුරු ටෙන්ඩර හරහා මහා පරිමාණ දූෂණයක් සිදුවී තිබෙන බව පිළිගන්නා නමුත් පක්ෂ නායකත්වය එය පිළිනොගැනීම පුදුමයට කරුණක් බව ද ඔහු පවසා තිබේ. ජනාධිපති අනුර හා බලශක්ති අනුර අතර ඇති විශේෂ සබඳතාව මීට හේතු වී ඇති බවත්, ඒ යාළුකම නිසා සමස්ත පක්ෂයම බිලිදෙන තුරු බලා සිටීමට තමන්ට නොහැකි බවත් රත්නායක ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් තත්ත්වයේ බැරෑරුම්කම පෙන්වා දීමෙන් අනතුරුව කුමාර ජයකොඩි අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වීමට එකඟ වුවත්, එම තීරණය ගැනීමෙන් ඔහු වළකා තිබෙන්නේ ජනාධිපතිවරයා බව බිමල් රත්නායකගේ මතය වී ඇත. ”අප්‍රේල් විරු සමරුව” ජනාධිපතිවරයා විසින් මඟහැර යාමෙන් ජ.වි.පෙ. නායකයා ජ.වි.පෙ. ඉතිහාසයට පසු පස හරවා තිබෙන බව පැහැදිලි වන බව ද ඔහු පෙන්වා දී තිබේ.

ජනප්‍රිය පුවත්  ‘‘මම අධ්‍යාපන ඇමැතිකමෙන් ඉවත් වෙනවා!“ හරිනි ජනපතිට දැනුම් දෙයි!

මෙවන් තත්ත්වයක් තුළ නිහඬව බලා සිටීමෙන් සිදු වන්නේ පක්ෂ සාමාජිකයා සමස්ත නායකත්වය පිළිබඳව කලකිරීම බවත්, මෙම ගජමිතුරු හොරකම නිසා එවැනි කලකිරීමක් ඇතිවීමට ඉඩ නොදිය යුතු බවත් ඔහු අවධාරණය කර තිබේ.

මෙහිදී ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා බිමල් රත්නායකට අවවාද කර ඇත්තේ ප්‍රශ්නය එළියට පෙනෙන පරිදි විසඳා ගන්නට යාම සතුරාට වාසිදායක වනු ඇති බවය. එබැවින්, ප්‍රශ්නය පක්ෂ අභ්‍යන්තරය තුළම විසඳා ගැනීමට කටයුතු කළ යුතු බව ඔහුගේ අවවාදය වී තිබේ. ඊට අදාළව රත්නායක අමාත්‍යවරයා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

මෙම කරුණු අප වෙත වාර්තාවන්නේ ජ.වි.පෙ.ට සමීප ව්‍යාපාරික කාන්තාවකගෙනි. ඇය මේ බව දැනගෙන ඇත්තේ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සිය පෞද්ගලික කටයුත්තකට මුණ ගැසීමෙන් අනතුරුවය. වර්ධනය වන ජ.වි.පෙ. අභ්‍යන්තර ගැටුම නුදුරේදීම එළියට පෙනෙන අන්දමේ පිපිරීමකට ගමන් කරනු ඇති බව එම ව්‍යාපාරික කාන්තාවගේ මතය වී තිබේ.

ගගන සුමියුරු ප්‍රේමචන්ද්‍ර

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x