June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විමල්ගෙන් රුපියල් කෝටි 600 ක් ඉල්ලා හේලිස් සමාගම සහ කිංග්ස්බරි හෝටලයෙන් එන්තරවාසී තුනක් – දින 10 කින් නොගෙව්වොත් නඩු දානවා – සමාගම් කියයි

1 min read

මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සමාගමක් සහ හෝටල් ව්‍යාපාර ආයතනයක් ඉලක්ක ගත කරමින් අසත්‍ය, දේවේශ සහගත, ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළේ යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් රුපියල් බිලියන හයක (6,000,000,000.00) වන්දියක් ඉල්ලා එන්තරවාසි තුනක් යොමු කිරීමට එම සමාගම් කටයුතු කර ඇත.

වීරවංශ මහතා විසින් සිදු කළේ යැයි කියන කීර්තිහානියට වන්ඳි ඉල්ලා මෙම එන්තර වාසි යොමුකොට ඇත.

කොළඹ ජනාධිපති මාවතේ කිංග්ස්බරි හෝටල් සමාගම විසින් සිය කීර්ති නාමයට සිදුවූ හානියට රුපියල් බිලියනයක වන්දි ඉල්ලා ඇති අතර කොළඹ ඩින්ස් පාරේ හෙලිස් සමාගම විසින් රුපියල් බිලියන 5 ක් වන්දිය ඉල්ලා මෙම එන්තරවාසි යොමු කර ඇත.

කිංග්ස්බරි හෝටල් සමාගම සිය සින්නදුරෙයි සුන්දරලිංගම් සහ බාලන්ද්‍ර නීතිඥවරුන් මගින් පසුගිය 23 වැනි දින නිකුත් කර ඇති මෙම එන්තරවාසිය අනුව දින දහයක් ඇතුළත ක්‍රියාත්මක වීමට අපොහොසත් වන්නේ නම් විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පවරන බවද කිංග්ස්බරි සමාගම සඳහන් කර ඇත.
විමල් වීරවංශ මහතා විසින් “ගජ මිතුරෝ උඩයි ! උඩයි ! ‘ ෆුල් ටයිමර් ‘ බිමයි ! බිමයි !” සිරස්තලය යටතේ සමාජ මාධ්‍යයේ උඩුගත කරන ලද වීඩියෝවේ ඇතුළත් ද්වේෂ සහගත හා අසත්‍ය ප්‍රකාශ මගින් කිංග්ස්බරි හෝටල් සමාගමට අපකීර්තියක්, අපහාසයක් සිදුව ඇති බවත්, ඒ අනුව හෝටල් සමාගමේ ව්‍යාපාර සම්බන්ධයෙන් ජනතාව තුළ නොමග යවන සුළු අදහස් ඉස්මතු වන බවත් අදාළ එන්තර වාසි ලිපි මගින් පෙන්වා දී ඇත.

ජනප්‍රිය පුවත්  බාාල ගල් අඟුරු නිසා අහිමි වන විදුලිය මෙ.වො. 180යි…. කැලණිතිස්ස ඩීසල් බලාගාරයේ මුළු ජනනය මෙ.වො. 150යි….!

එවන් අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ උඩුගත කිරීම සම්පූර්ණයෙන් නවතා දමන ලෙසත්, උඩුගත කොට ඇති ප්‍රකාශ ඉවත් කරගන්නා ලෙසත් එන්තර වාසිය මගින් ඉල්ලා ඇත. එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරන බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

හේලිස් සමාගම සිය නීතිඥ චානුක ඒකනායක මහතා මගින් එන්තර වාසියක් යොමු කරමින් රුපියල් බිලියන පහක වන්දියක් ඉල්ලා ඇත.

හේලිස් පීඑල්සී සමාගම මෙරට ආර්ථිකයට ශක්තියක් වෙමින් කොටස් වෙළඳපළට විශාල දායකවත්වයක් දරා සිටියදී එහි සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට අපකීර්තියක් ගෙන දෙන කරුණු වීරවංශ මහතාගේ youtube නාලිකාව මගින් උඩුගත කිරීම, tik tok හා ෆේස්බුක් මගින් ප්‍රචාරය කිරීම,
විශේෂයෙන් පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවක් “හිගන්නට “පවුඩර් ” දාලා රුපියල වටටපු හැටි “යන මෙයින් සමාජගත කිරීම ඇතුළු ව්‍යාජ ද්වේශ සහගත හා අසත්‍ය කරුණු සමාජගත කිරීමට එරෙහිව මෙම එන්තර වාසි යොමු කොට ඇත.

අදාළ එන්තර වාසියට ප්‍රතිචාර දැක්වීමට අපහසත් වන්නේ නම් නඩු පවරන බවද හෙලිස් සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජනප්‍රිය පුවත්  දුම්රියපොළ නවීකරණයටත් කවුරුත් නෑ!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x