June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විමල්ගෙන් උගනිමු!

1 min read

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමින් ගෙන එන ලද අසීලාචාර ව්‍යාපෘතිය ආණ්ඩුව විසින් දැන් හකුලාගෙන තිබේ. එය හකුලා ගැනීමට සිදුවූයේ පාර්ශව ගණනාවක මැදිහත්වීම හේතුකොටගෙන ය. එහෙත්, කුමන මතිමතාන්තර තිබුණේ වුවද විමල් වීරවංශ ඇතුළු පිරිස අරඹන ලද සත්‍යග්‍රහය එයට ප්‍රධාන වශයෙන්ම හේතු වූ බව නොකියා සිටින්නට අපට නම් හැකියාවක් ඇත්තේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව, ”දෙයක් වේ නම් යම් සුදුස්සාට අයිති විය යුතු” බව බර්ට්‍රොල් බ්‍රෙෂ්ට් කළ සඳහන අප ඉහළින්ම පිළිගන්නා නිසා ය.

විරෝධය තිබුණේ පුවත්පත් සාකච්ඡාවල ය. නොමැතිනම්, පැයක – දෙකක විරෝධතා වල ය. එය ආණ්ඩුවට බරපතල ලෙස බලපාන්නේ නැත. විමල් කළේ විරෝධය භූමියට ස්ථානගත කිරීම ය. වෙනත් ආකරයකින් කියන්නේනම් ආණ්ඩුවේ මෝඩ ප්‍රතිසංස්කරණයට එරෙහි සැමට එක් විය හැකි මූල කඳවුරක් නිර්මාණය කිරීම ය. ආණ්ඩුව බය වූයේ එයට ය.

ජ.වි.පෙ. වැඩියෙන්ම දන්නා විපක්ෂයේ සිටින නායකයා විමල් ය. විමල් යමක් පටන් ගන්නේ බරපතළ හැගීමෙන් බව හොඳටම දන්නේ ජ.වි.පෙ. නායකයන් ය. ඒ නිසා එය සෙල්ලමට ගැනීමට ඔවුන්ට සිතෙන්නේ නැත. සත්‍යග්‍රහය අරඹා දෙවැනි දිනය වන විට ව්‍යාජ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගනු ලබන්නේ ඒ නිසා ය.

ජනප්‍රිය පුවත්  ''නඩු බලවන" සූරසේන!

මොන මතභේද තිබුණ ද ජ.වි.පෙ. (NPP) ආණ්ඩුවට එරෙහිව පළවැනි ‘‘හට්“ එක මහපාරේ සිටවූයේ විමල් බව අප පිළිගත යුතුය. සටනකින් ආණ්ඩුව මුල්වරට දණ ගැස්වූයේ ද විමල් බව අප පිළිගත යුතුය. කතාවට වගේම ක්‍රියාවට ද විමල් සූදානම් බව මේ සත්‍යග්‍රහය මගින් ඔප්පු කළේය.

විපක්ෂය මේ ගැන කල්පනා කළ යුතුය. රටට අයහපතක් වන විට සටන කතා සාප්පුවකට සීමා නොකළ යුතුය. එය ගෙන ආ යුත්තේ පාරට නම්, එය එසේ සිදුකළ යුතුය. කතා සාප්පුවල විරෝධයට ආණ්ඩුව බිය වන්නේ නැත. ඒ බව ඉගැන්වූයේ අද පාර්ලිමේන්තුවේවත් නැති විමල් ය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x