විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණයට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – කැබිනට් ප්‍රකාශක
1 min read
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යයතාවයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
ව්‍යවස්ථාවේ එවැන්නක් සඳහන් නොවන බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අද (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ජාවට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
