July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදේශ ඇමැති විජිත හේරත් අග්‍රාමාත්‍ය ධුරයට? තරුපහේ හෝටලයක සාකච්ඡාවක් එළියට

1 min read

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇති බවට දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් පවතින බව ‘අරුණ’ පුවත්පත වාර්තා කරයි.

මෙම සාකච්ඡාවන්ට තවදුරටත් ජනප්‍රියත්වයක් ලැබී ඇත්තේ පසුගිය සතියේ ගාල්ලේ තරු පහේ හෝටලයක පැවති උත්සවයකදී සිදු වූ සිදුවීමක් හේතුවෙනි.

නෙත් එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාවේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතාගේ දියණිය වන අකිලාගේ විවාහ මංගල්‍යය පසුගිය සතියේ පැවැත් වුණේ ගාල්ලේ තරු පහේ හෝටලයකදීය.

එම උත්සවයට එක්ව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විදේශ ඇමැති විජිත හේරත්, හිටපු ඇමැතිවරුන් වන තලතා අතුකෝරාල හා වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් එකම මේසයක අසුන් ගෙන තිබුණි.

එහිදී හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වන රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා ඇමැති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කතාබහක් ඇති විය. එකල ජනාධිපතිවරයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ මහතා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ “මම ඒකට උත්තර දෙන්නම්. මම ඇඟිලි ගහන්න ගියේ නැහැ. මගෙත් එක්ක ක්‍රීඩාවට අදාළ දේවල් කතා කළේ නැහැ. නෝනා හැම දෙයකටම ඇඟිලි ගැහුවා” යනුවෙනි.

ජනප්‍රිය පුවත්  ලාල් කාන්තගේ ප්‍රකාශයට ජාතික සංඝ සම්මේලනයේ විරෝධය!

මෙම කතාබහ අතරතුර විදේශ ඇමැති විජිත හේරත් මහතා එම ස්ථානයට පැමිණ හිටපු ජනාධිපතිවරයා අසලින් අසුන් ගෙන තිබුණි.

එම මේසයේ සිටි මාධ්‍යවේදියෙක් විදේශ ඇමැතිවරයාගෙන් මෙසේ ප්‍රශ්න කර තිබුණි. “ඔයා ලබන අවුරුද්දෙ අගමැති වෙනවා කියලා ආරංචියි.”

ඒ සම්බන්ධයෙන් විදේශ ඇමැතිවරයා සිනහසෙමින් දුන් පිළිතුර වූයේ “ඇයි ලබන අවුරුදදෙ මේ අවුරුද්දෙම පුළුවන්” යනුවෙනි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා හා විදේශ කටයුතු ඇමැතිවරයා වැඩි කාලයක් සතරකන්මන්ත්‍රණයක නිරත වූ බවද වාර්තා වේ.

මේ අතර ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සිය 250 වන ජාතික දින උත්සවයේදී තානාපති කාර්යාල කිහිපයක නිලධාරීන් මෙන්ම බටහිර තානාපති කාර්යාලයක නිලධාරීන් ද කතාබහ කර ඇත්තේ ඉදිරියේදී ආණ්ඩුවේ අගමැති ධුරයේ සටනක් නිර්මාණය වනු ඇතැයි අනුමාන කරන බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x