April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහතට! මෙන්න ප්‍රස්ථාර දත්ත!

1 min read

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ප්‍රස්ථාර දත්ත මගින් ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ.


විශේෂයෙන් පසුගිය මාර්තු 09 වනදා වන විට ඇමරිකානු ඩොලර් 118 ඉක්මවා ගිය තෙල් මිල, මේ වන විට ඩොලර් 88 දක්වා විශාල පසුබෑමක් පෙන්නුම් කරයි.


එවන් පසුබිමක, පාලකයින් සහ වගකිවයුතු නිලධාරීන් “මේ මාසය අවසන් වනතුරු මිල වැඩි නොකරන බවට” ජනතාවට පොරොන්දු දී, දින කිහිපයක් ඇතුළත දැවැන්ත මිල වැඩි කිරීමක් සිදු කිරීම හුදෙක් ආර්ථික තීරණයක් නොව, ජනතාව නොමග යැවීමකි.


“පුනරුද” ආණ්ඩුව ඇත්තටම ජනතාව ගැන හිතනවාද යන්න බරපතල ප්‍රශ්නයකි.


පරණ මිලට ගෙනා තෙල් තොග මාසයකට ප්‍රමාණවත් තරම් ගබඩාවල තිබියදී සහ ඉදිරි මාස දෙක සඳහාම ඇණවුම් ලබා දී තිබියදී, හදිසියේ මිල ඉහළ දැමීම සාධාරණීකරණය (ඩෝබීන්ට හැරෙන්න) කළ නොහැක.
ලෝක දේශපාලනික තත්ත්වයන් සහ යුධමය වාතාවරණයන් තාවකාලික බව දැන දැනත්, ඉන් ජනතාවට වන පීඩනය අවම කරමින් ආර්ථිකය හැසිරවීමට ඕනෑතරම් අවස්ථාව තිබුණි.


නමුත් රජය තෝරාගත්තේ අභියෝග භාර ගැනීම වෙනුවට සියලු බර පොදු ජනතාවගේ කරපිට පැටවීමේ ලෙහෙසි මාවතයි.

ජනප්‍රිය පුවත්  ඉරානයෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්


මෙහි ඇති භයානකම තත්ත්වය නම්, ආණ්ඩුව කුමන තීරණයක් ගත්තද ජනතාව නිහඬව එය විඳ දරාගන්නා බව පාලකයින් වටහාගෙන සිටීමයි.


ජනතාව ප්‍රශ්න නොකරන තාක් කල්, ජනතාව සූරාකෑම රජය කිසිසේත් නතර කරන්නේ නැත.


පාලකයින්ගේ වචනවලට රැවටෙනවාද, නැතිනම් දත්ත සහ ඇත්ත තත්ත්වය මත පදනම්ව ඔවුන්ව ප්‍රශ්න කරනවාද යන්න තීරණය කළ යුත්තේ ඔබයි!

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x