June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලංසා ආරක්ෂිත පිතිකරණයක!

1 min read

පසුගිය සමය තුළ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මේ වන විට ජනාධිපති අනුර කුමාර සමඟ රහස්‍ය සබඳතාවක් පවත්වාගෙන යමින්, විපක්ෂය භේද භින්න කිරීමේ කොන්ත්‍රාත්තුවට කර ගසා ඇතැයි ජනාධිපතිවරයා, සම්බන්ධ සමීප ආරංචි මාර්ග පෙන්වා දේ.

පාඨලී චම්පික රණවක හා ජී.එල්. පීරිස් මෙන්ම ප්‍රසන්න රණතුංග වැන්නන් යොදා ගනිමින්, තමන් සතු මූල්‍ය බලය ද උපයෝගී කර ගනිමින් ඔහු මෙම මෙහෙයුමේ නිරත බව පැවසේ.

මේ අතර උදය ගම්මන්පිල විසින් ඊයේ (31) එලිදැක්වූ කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට විපක්ෂනායකවරයා සම්බන්ද වූයේ ඇයිදැයි ඔහු නිරෝෂන් පාදුක්ක නැමැති හිටපු පලාත්සභා මන්ත්‍රීවරයාගෙන් විමසා තිබේ.

එමෙන්ම, සුගීෂ්වර බණ්ඩාර, නීතිඥ දොළවත්ත වැනි අය ද ඔහුගේ මුදල් බලය යොදා ගනිමින් විපක්ෂය අභ්‍යන්තරිකව බෙදීම සඳහා මෙහෙයවනු ලබමින් තිබේ. සුගීෂ්වර බණ්ඩාරට මුදල් ලබාදී, රණවිරු සුරේෂ් සලේ නිදහස් කිරීම සඳහා බල කෙරෙන පෙත්සම් ව්‍යාපාරය ද දියත් කරන ලද්දේ ලංසා ය. ඒ, සලේට ඇති ආදරයක් නිසා නොව විමල් වීරවංශ එම මාතෘකාව ඔස්සේ ඉස්සෙනු ඇතැයි යන බිය හේතුකොටගෙන ය.

ජනප්‍රිය පුවත්  සූජීව සේනසිංහගෙන් ප්‍රමිෂ්කාට කොන්ත්‍රාත්තුවක්!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x