June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රාජ්‍ය සේවය අකුරට වැඩ ! විදෙස් බුද්ධි සේවාවක් අනතුරු හඟවයි !

1 min read

ඉවක් බවක් නොමැතිව රාජ්‍ය සේවය මත ඇති කර ඇති හොරු ඇල්ලීමේ ක්‍රියාදාමය විසින් ඇති කර ඇති පීඩනය හේතුකොටගෙන ඉතා නුදුරු අනාගතයේදීම අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු සමස්ත රාජ්‍ය සේවයම නිහැඬ විරෝධතාවකට ගමන් කරනු ඇතැයි විදෙස් ඔත්තු සේවාවක් මගින් ආණ්ඩුවට අනතුරු හඟවා ඇත.

දූෂණ විරෝධී පණත හා පොදු දේපළ පණත මෙන්ම, නව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණය කිරීමේ පණත මගින් රාජ්‍ය සේවක දඩයමක් බරපතල අයුරින් සිදු කෙරෙමින් තිබේ. පරීක්ෂණ ආයතනවල හා උසාවි ගානේ රාජ්‍ය සේවකයන්ට රස්තියාදු වීමට සිදුව ඇත්තේ සුළු පටු ප්‍රමාණයකින් නොවේ. මුදල් අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ රංග රාජපක්ෂගේ මරණය පිළිබඳව ද රාජ්‍ය සේවය තුළ ඇතිකර තිබෙනුයේ බලවත් කම්පනයකි.

ආණ්ඩුවේ ප්‍රාදේශීය නායකයන් ද බලය සියතට ගෙන සමස්ත රාජ්‍ය සේවකයන් “හොරු” ලෙස සැක කරමින් කටයුතු කරන තත්වයක් ද උද්ගතව තිබේ. මෙබඳු හේතු ගණනාවක් මත ඉදිරි මාස 2-3 ඇතුලත කලින් ප්‍රකාශයට පත් නොකර සියළුම දෙනා එක දිනයකදී නිවාඩු දැමීම වැනි නිහඩ ක්‍රම මගින් අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු බොහෝ රාජ්‍ය නිලධාරින් රාජ්‍ය සේවය තුල වන බලවත් විරෝධය ආණ්ඩුවට පළ කරනු ඇතැයි එම බුද්ධි අංශ අනතුරු හැඟවීම මගින් පෙන්වා දී තිබේ.

ජනප්‍රිය පුවත්  සජිත්ගෙන් පසු රනිල් ඉන්දියාවට

ශ්‍රී ලංකාව සමීපව නිරීක්‍ෂණය කරනු ලබන විදෙස් රටකට අයත් මෙම බුද්ධි අංශය ඉදිරිපත් කර ඇති අනතුරු හැඟවීම ගැන ආණ්ඩුවේ ප්‍රධානින් එතරම් සැලකිල්ලක් දක්වා නැති බව ද වාර්තා වේ.

  • උවිදු ප්‍රතිභා කුමාරගේ –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x