July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රනිල් හමුව “ලීක්” වීමෙන් ක්‍රිෂාන්ත කුරේට “මල” !

1 min read

මීට දින දෙකකට පෙර Lanka Underground News වෙතින් ප්‍රථමව අණාවරණය කරන ලද “රනිල් සහ ක්‍රිෂාන්ත කුරේ හමුවක් !” යන හිසින් යුත් පුවත හමුවේ ජනාධිපති උපදේශක, ක්ලීන් ශ්‍රී ලංකා හි අධ්‍යක්ෂක ක්‍රිෂාන්ත කුරේ බලවත් අසීරුතාවට පත්ව ඇතැයි අප වෙත වාර්තා වී තිබේ.

එම හමුව සිදුව තිබුණේ ජූලි මස 04 වැනිදා සවස මල් පාරේ පිහිටි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයේ දී ය. ක්‍රිෂාන්ත කුරේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට අවශ්‍ය බව පැවසීමෙන් පසු, මෙම වෙලාව ලබා දී ඇත්තේ හිටපු ජනාධිපතිවරයා විසින් ය. ජනාධිපති අනුර කුමාරගේ අවබෝධය මත සිදුවූ මෙම හමුවේ දී කුමන කරුණු සාකච්ඡා කලේදැයි අණාවරණය වී නැත.

කෙසේ වෙතත් අදාළ හමුව ප්‍රථම වරට Lanka Underground වෙතින් හෙළි කල පසු ජනාධිපති අනුර දිසානායකගේ දෝශාරෝපනයට ලක්වීමට ක්‍රිෂාන්ත කුරේට සිදුව තිබේ. ජනාධිපතිවරයාගේ කනස්සල්ලට හේතු වී ඇත්තේ, මෙබඳු රහසිගතව සිදු කරන කටයුතු “ලීක්” වීමෙන්, ජ.වි.පෙ. පාක්ෂිකයා හමුවේ තමන් අසීරුතාවට පත්වන බවය.

ජනාධිපතිවරයාගේ දෝශාරෝපනයට ලක්වීමෙන් පසු ක්‍රිෂාන්ත කුරේ තමන් තුළ ඇති වූ ආවේගය පිටකර ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය ලේකම් දුරකථනයෙන් සම්බන්ධ කරගෙන එක දිගට බැන වැදීමෙනි.

ජනප්‍රිය පුවත්  ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්‍ෂාව දෙන්න! රාජ්‍ය බුද්ධි අංශ උපදෙස්!

අසභ්‍ය වචන ද යොදා ගනිමින්, මාධ්‍ය ලේකම්වරයාට බැන වැදී ඇති ක්‍රිෂාන්ත කුරේ “ඔය ගොල්ලොන්ගෙ ලොක්කා ඔය කරපු කැත වැඩේ නිසා කරන්න ගිය ලොකු වැඩක් නතර වුනා” යැයි ද පවසා තිබේ.

බැනවැදීමෙන් පසු දුරකථනය විසන්ධි කරන ලද ක්‍රිෂාන්ත කුරේ, නැවතත් මාධ්‍ය ලේකම්වරයා වෙත ඇමතුමක් ගෙන අසභ්‍ය වචන පාවිච්චි කිරීමට සිදුවීම පිළිබඳ සිය කණගාටුව ඵළ කර ඇත.

මේ පිළිබඳව මාධ්‍ය ලේකම්වරයා තම ප්‍රධානියා වන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්වත් කළ විට, ඔහු පවසා ඇත්තේ, “මාව හමුවෙන්න මෙතනට එක එක වර්ගයේ අය එනවනෙ. ඉතින් කෙනෙක් හමුවෙන්න ආව කියන එක රහසක් වෙන්නෙ නෑනෙ” යනුවෙනි.

කෙසේ වෙතත්, මේ හේතුව මත ජනාධිපතිවරයා හා තමා අතර ගොඩනැගී ඇති ශක්තිමත් මිත්‍රත්වය බිඳී නොයන බවත්, ජනාධිපතිවරයා සතියකට දවසක් දෙකක් තම නිවසට පැමිණ පැය 10 – 12 රැඳී සිටිමින් කාලය ගත කරන බවත් ක්‍රිෂාන්ත කුරේ තම සමීපතම මිතුරියකට පවසා තිබේ. ජනාධිපතිවරයා කැමති ආහාර පිරිසිදුව හා රසට පිළියෙල කරදීම සඳහා තම නිවසට වෙනම සූපවේදියකු ද අළුතෙන් බඳවාගත් බව ද ඔහු ඒ සමගම පවසා ඇත.

ජනප්‍රිය පුවත්  විපක්ෂය දඩයමට යුද හමුදා බුද්ධි අංශය!

ක්‍රිෂාන්ත කුරේ ද “බෝර්න් අගේන්” නිකායේ දැඩි භක්තිවන්තයෙකි. ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව අනුව සියල්ල ඔහුට අවශ්‍ය පරිදි කළමණාකරණය කිරීමේ අභ්‍යන්තර කණ්ඩායමේ ප්‍රධානියා වී ඇත්තේ ක්‍රිෂාන්ත කුරේ ය.

ඔහු මීට පෙර සිටියේ රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර ඇතුළු එ.ජා.ප. ය සමඟ ය.

  • දීපා ගමගේ –

රනිල් සහ ක්‍රිෂාන්ත කුරේ හමුවක් !

 
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x