රංගගේ බාප්පා මිනීමරුවෙක් ! නීතිය නවා දඬුවම දිය කළ හැටි මෙන්න
1 min read
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ සභාපති, නීති විරෝධී අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේනගේ ගජ මිතුරු, උග්‍ර ජ.වි.පෙ. මතධාරියකු වන රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිශානායකගේ පියාගේ බාල සොහොයුරා හෙවත් බාප්පා පුද්ගලයකු පිහියෙන් ඇන මරාදැමූ අයකු බව අණාවරණය වේ. ඔහුගේ අනියම් සබඳතාවක් පිළිබඳ චෝදනාවක් එල්ල කරන ලද පුද්ගලයකු එලෙස මරා දැමූ ඔහු, ඝාතනය සඳහා උපයෝගී කරගත් පිහිය ද සමඟ පොලීසියට බාර වී තිබේ.
එසේ වරද පිළිගෙන බාර වී තිබුන ද, රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිශානායකට අධිකරණ ක්‍රියාවලියට කළ හැකි බලපෑම හේතුවෙන්, මෙම නඩුවට අදාල තීන්දුව දීමට වසර 21 ක් ගත වී තිබේ. තීන්දුව ලැබෙනතුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිශානායකගේ බාප්පා ඇප මත සිට ඇත්තේ නිදහසේ ය.
අබේවික්‍රම දිශානායක පියදාස නැමැති රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිශානායකගේ බාප්පා තම අනියම් ලිංගික සබඳතාවක් හෙළිකිරීම මත මරා දමා ඇත්තේ, ගම්පහ දික්කන්ද වතු යායේ සේවය කරන ලද හපුආරච්චිගේ ජයසේන නැමැත්තාව ය. ඒ, 2003 ජූලි 30 වැනි දිනය. 2004 ඔක්තෝම්බර් මාසයේ දී මහේස්ත්‍රාත්වරයකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිශානායක මුලින්ම කර ඇත්තේ තම හිතවත් විනිසුරු සබඳතා යොදාගෙන ඔහුගේ බාප්පාගේ නඩුව හැකිතාක් කාලයක් ඇදගෙන යාමය. ඒ අනුව, වසර 21 ක් ඇදී ගිය එම නඩු විභාගයට අදාල තීන්දුව ලබාදුන්නේ 2024 ජනවාරි 05 වැනි දිනය. ඒ වන විට වයස අවුරුදු 72 ක වියපත් මිනිසකු වූ රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිශානායකගේ මිනීමරු බාප්පා, අදාල තීන්දුව මගින් වසර 14 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණි.
එහෙත් ජ.වි.පෙ. ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව, පිස්සු අගවිනිසුරු, දේවගැති සූරසේන සමග එක්වී, අභියාචනය මගින් මහාධිකරණයේ තීන්දුව තවදුරටත් සංශෝධනය කරගෙන (CA/HCC/0117/2024) අදාළ දඬුවම වසර 4 ක් දක්වා අඩුකර ගැනීමට රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිශානායකට හැකි විය. අධිකරණය, රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිශානායකගේ මිනීමරු බාප්පාට ඒ සහනය දුන්නේ, අදාළ ඝාතනය පෙර සැලසුම් කළ එකක් නොවීම හා අඛණ්ඩ ප්‍රකෝප කිරීම් මධ්‍යයේ සිදුවීම යන ඊනියා හේතු ඉදිරිපත් කරමින් ය. ඊට අමතරව අභියාචනාධිකරණය, අදාළ ඝාතනය කළ රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිශානායකගේ මිනීමරු බාප්පා වසර 21 ක් වින්ද මානසික පීඩනය ගැන ද ලතැ වී තිබේ.
මෙයින් පෙනෙන්නේ, නීතිය කාටත් එක හා සමානයැයි කියමින්, නීති විරෝධීව (2026.01.12 විශ්‍රාම යා යුතු) අගවිනිසුරු ධූරයේ සිටින දේවගැති සූරසේන ඇතුළු පව්ටු නඩය තම තමන්ට බලපාන නඩු විනිසුරුවරුන්ට බලපෑම් කරමින් රිසි සේ නීතිය නවමින් සිටින අන්දම ය.
රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිශානායකගේ මිනීමරු බාප්පාගේ වසර 4 ක දඩුවම් කාලය ද අනුර කුමාරගේ ආණ්ඩුවේ ආයුෂ නිමාවීමට පෙර අවසන් කර ගැනීමට මේ වන විට මෙහෙයුම දියත් කර තිබේ.
එමෙන්ම, බරපතල වැඩ රහිතව, සුවපහසුකම් ඇතිව සිරගතව සිටීමට හැකි පරිසරය ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ සභාපතිවරයා සිය මිනීමරු බාප්පා වෙනුවෙන් සකසා දී තිබේ.
රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිශානායක, පිස්සු අගවිනිසුරු සූරසේනව තවදුරටත් තබා ගැනීමට වලිකන්නේ මෙබඳු “නීතිය නැවීම්” රිසි අයුරින් කරගැනීම පිණිස බව මෙමගින් පැහැදිලි වේ.
- රවිඳු කල්පගේ
