September 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සූරසේන අතහැර 22 එන ලකුණු!

1 min read

ත්‍රෛයිනිකායික මහා නායක හිමිවරුන් වෙතින් 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ලිඛිතව විරෝධය එල්ල වෙද්දීත් එය නොසලකා හැර කටයුතු කළ ආණ්ඩුව කතෝලික අගරදුරු මණ්ඩලය ඒ පිළිබඳව නිකුත් කළ ලිපියෙන් පසු අභ්‍යන්තර අවිනිශ්චිබවකට ලක්ව ඇතැයි ජනාධිපතිවරයාගේ සමීපතම ආරංචි මාර්ග අනාවරණය කරයි.

එම ආරංචි මාර්ග අනුව, අදාළ ප්‍රකාශය ජනමාධ්‍යයට යොමු කිරීමට පෙර කොළඹ අගරදුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඒ පිළිබඳ සිය විරෝධය ජනාධිපතිවරයා වෙත වාචිකව පළකර තිබේ. අදාළ ප්‍රකාශය නිකුත් කිරීමෙන් පසු ආණ්ඩුවේ ඉහළ බලධාරීන් 22 සම්බන්ධව පැන නැගී ඇති විරෝධය අරභයා කුමක් කළ යුතුද යන පැනය සාකච්ඡාවට ලක් කර තිබේ.

මේ වන විට ත්‍රෛයිනිකායික මහානායක හිමිවරුන්ද, කතෝලික රදගුරු මණ්ඩලයද, ශ්‍රී ලංකා නීතිඥ සංගමයද, අධිකරණ සේවා සංගමයද, විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ද, ආදී බලවත් ආගමික හා සිවිල් සංවිධාන නැඟී සිටීමක් 22ට එරෙහිව ඇතිව තිබීම ආණ්ඩුව අපේක්ෂා නොකළ තත්ත්වයක් බව එම ආරංචි මාර්ග පවසයි.

මීට අමතරව අසල්වැසි ඉන්දියාවද තම මහ කොමසාරිස්වරයා මාර්ගයෙන් 22 පිළිබඳ තම රට දරන විරෝධය ඉදිරිපත් කර තිබේ. නුදුරේදී මෙරටට පැමිණීමට නියමිත ඉන්දීය ආරක්ෂක ඇමතිවරයා ඒ බව ජනාධිපතිවරයා හමුවේ පැවසීමට ද නියමිතව තිබේ.

ජනප්‍රිය පුවත්  යටත්විජිතගේ ප්‍රේම විජිතය මෙන්න!

මේ සියලු වර්ධනයන් අනුව 22 තවදුරටත් ඉදිරියට ගෙන යනවාද නැද්ද යන උභතෝකෝටිකයට ආණ්ඩුව මුහුණ දී සිටි. ඒ සම්බන්ධව සිදු කෙරෙන අභ්‍යන්තර සාකච්ඡාවකදී අවධානය යොමුව ඇත්තේ 2027 වසරේ ජනවාරි සිට බලාත්මක වන පරිදි පමණක් මෙම සංශෝධනය සිදුකළ යුතු බවයි. එවිට, අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන තවදුරටත් එම ධූරයේ තබා ගැනීමට අරමුණු කරගෙන ගෙන එන ලද සංශෝධනයක් යන චෝදනාවෙන් ගැලවිය හැකි බව එම අභ්‍යන්තර සාකච්ඡාවේදී මතුකර තිබේ.

සූරසේන බේරා ගැනීමට ගොස් ජාතිකව හා ජාත්‍යන්තරව සියලු බලවේග අමනාප කර ගැනීම අනුවණ කමක් බවත් සූරසේන වෙනුවට සුදුසු වෙනත් විකල්පයක් කෙරෙහි අවධානය යොමු කර 22 සංශෝධනය සිදුකළ යුතු බවත් එම මතය දරන බිමල් රත්නායක ඇතුළු පිරිසේ මතය වී ඇතැයි පැවසේ.

තවමත් නිමා වී නැති මෙම අභ්‍යන්තර සාකච්ඡාව ගමන් කරමින් ඇත්තේ බිමල් රත්නායක අමාත්‍යවරයා ඇතුළු පිරිස පෙන්වා දී තිබෙන ඉහත තෝරාගැනීම වෙත බව අපගේ ආරංචි මාර්ග අවධාරණය කරයි. එම කණ්ඩායම පවසන්නේ සූරසේන තව දුරටත් තබාගැනීම සඳහා ගෙවන්නට සිදුව ඇති වන්දිය බරපතළ බවයි.

ජනප්‍රිය පුවත්  කුමාර ජයකොඩි ගැන තීරණයක් ගනු! ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි!

තමන් බලයට ගෙන ඒමට මූලිකව මැදිහත් වූ විශ්වවිද්‍යාල ආචාර්යවරු නීතිඥයන් ආදී වෘත්තිකයන් අහිමිකර ගැනීම මෙන්ම ඉන්දියාව අමනාප කර ගැනීම සහ මහනායක හිමිවරු සේම කතෝලික සභාව අහිමි කර ගැනීම බලවත් දේශපාලන පරාජයක් බව එම සාකච්ඡාව තුළ අවධාරණය වී තිබේ.

  • ලලිත් එදිරිමාන්න
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x