September 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යෝෂිතට-රෝහිතට අයත් යැයි කියන අක්කර 135ක තේ වත්තක් ගැන පරීක්‍ෂණ..

1 min read

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ විසින් මුස්ලිම් ජාතිකයන් තිදෙනකු යොදවා නාවලපිටිය, දොළොස්බාගයේ පිහිටි අක්කර 135ක තේ වත්තක් අයිති කර ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය තීරණය කර ඇත.

අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ පැමිණිල්ලකට අනුව මේ තීරණය ගෙන තිබේ.

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත එම සංවිධානයේ සභාපති ජාමුණි කාමන්ත තුෂාර මහතා විසින් ඉකුත් අගෝස්තු 20 වැනිදා මේ පැමිණිල්ල කර තිබිණි.

ඒ අනුව පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට තීරණය කළ බව අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය පැමිණිලිකරුට ලිඛිතව දැනුම් දී තිබේ.

පැමිණිල්ල මඟින් පවසා ඇති සියලු කරුණුවලට අදාළ ලේඛනගත සාක්ෂි සමඟින් පැමිණිලිකරුගේ ප්‍රකාශයක් සටහන් කිරීමට අවශ්‍ය බැවින් මේ 14 වැනිදා පෙරවරු 9ට පොලිස් මූලස්ථානය වෙත පැමිණෙන ලෙස ද පැමිණිලිකරුට දැනුම් දී ඇත.

නාවලපිටියේ දොළොස්බාගයේ පිහිටි අක්කර 135ක් පමණ වන මේ දැවැන්ත වන්නේ ‘ඔසා ප්ලාන්ටේෂන්’ සමාගමට අයත් ‘කෙලී ගෲප්’ (Kelly Group) තේ වතුයායේ පිහිටා ඇති අක්කර 135ක සාරවත් භූමිය සහ 1918 වසරේ බ්‍රිතාන්‍ය යුගයේ ඉදිකරන ලද අක්කර භාගයක පමණ ඓතිහාසික සුඛෝපභෝගී වතු බංගලාව බව පැවසේ.

ජනප්‍රිය පුවත්  හෙළයේ ගීත කෝකිලාවිය කලාශූරී ලතා වල්පොල දිවි ගමනට සමුදෙයි

මියගිය අරුණ විතානගේ (කජ්ජා) සහ නෙවිල් නමැත්තා හරහා 2021 දෙසැම්බර් 11 වැනිදා ‘ඔසා ප්ලාන්ටේෂන්’ (PV 61746) සමාගමේ අධ්‍යක්ෂ ධුරවලට වෙනත් පුද්ගලයන් තිදෙනෙකු ඉදිරියට දමා (Dummy Directors) සැබෑ හිමිකාරිත්වය සඟවමින් මෙම දේපළ අත්පත් කරගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

අදාළ අංක 1386 දරන ඔප්පුව සහ අංක 787 දරන පිඹුර ඇතුළු සියලුම නිල ලේඛන විමර්ශන නිලධාරීන් හමුවට ඉදිරිපත් කිරීමට පැමිණිලිකාර පාර්ශ්වය මේ වනවිටත් පියවර ෙගන ඇති බව පැවසේ.

මේ අතර, CSN නාලිකාව හරහා විදෙස් මුදල් විශුද්ධිකරණය කර ඇති බවටත්, මෙම දොළොස්බාගය වතුයාය මිලදී ගැනීමට රාජ්‍ය බලය අයුතු ලෙස යොදවා උපයාගත් අරමුදල් යොදවා ඇති බවටත් මොවුන් දෙදෙනාට චෝදනා එල්ලව ඇති බවද පැවසේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x