ඉරානයෙන් ඇමරිකානු කඳවුරුවලට මිසයිල ප්‍රහාරයක්!
1 min read
ඉරාන විප්ලවීය බලකාය විසින් කුවේට් හි පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගෙන ප්‍රබල මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ඔවුන් පවසන ආකාරයට මේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඉරානයට අයත් “කෙෂ්ම්” (Qeshm) දූපතේ ස්වෛරීභාවයට ඇමරිකානු හමුදාවන් විසින් සිදු කළ බලපෑමට පිළිතුරක් වශයෙනුයි. ඉරාන ගුවන් හමුදාව විසින් එල්ල කළ මෙම ප්‍රහාරවලින් ඇමරිකානු කඳවුරුවලට දැඩි හානි සිදු වී ඇති බවත් වාර්තා වෙනවා.
IRGC නිකුත් කළ අනතුරු ඇඟවීම:
- මෙය ආරම්භක පියවරක් පමණක් බවත්, ඉදිරියටත් ඇමරිකාව මෙවැනි ක්‍රියාවල නිරත වුවහොත් මීට වඩා දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවත් ඔවුන් පවසා තිබෙනවා.
- ඇමරිකාවට තම ගුවන් සීමාව හෝ භූමිය භාවිතා කිරීමට ඉඩ දෙන ඕනෑම රටකට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවටත් ඔවුන් අනතුරු අඟවනවා.
ඉරානය අවසාන වශයෙන් පවසා සිටියේ, “දැන් ගහලා පැනලා යන කාලය ඉවරයි”(The era of hit and run is over) යනුවෙනුයි.
