June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මෙහේ අත්සන් කරන්න තිබුණ ගිවිසුම එහේ අත්සන් කරති!

1 min read

ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට ඩ්‍රෝන තාක්ෂණ උපකරණ කිහිපයක් ලබාදීමට අදාළ ගිවිසුමකට, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා විසින් ඊයේ (29) අත්සන් තබන ලදී. එම ගිවිසුම අනුව, ශ්‍රී ලංකා නාවුක හමුදාවට, සමුද්‍ර ආරක්ෂක කටයුතු වෙනුවෙන් ඩ්‍රෝන තාක්ෂණ සහිත උපකරණ කිහිපයක් ජපන් රජය විසින් ලබා දීමට නියමිත ය.

මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකාව තුළ දීය. රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදය අනුව, ශ්‍රී ලංකාවේ සිටින ජපාන තනාපතිවරයාට, ශ්‍රී ලංකාවට අදාළ ගිවිසුමකට ජපානයේ සිට අත්සත් තැබිය නොහැක. එහෙත්, ජනාධිපති අනුර දිසානායකගේ දැඩි ඉල්ලීම මත මෙම ගිවිසුමට අත්සන් තැබීම ජපානයේදි සිදුකර තිබේ. ඊට හේතු වී ඇත්තේ, ජපානයට පැමිණ කිසියම් ප්‍රතිලාභයක් රටට ලබා ගැනීමට හැකි වූ බව ලක්වැසි ජනතාවට පෙන්වීමට ඇති උවමනාව ය.

ජපානයේ මේ වන විට පවතින්නේ භාරකාර පාලනයකි. එහි අග්‍රාමාත්‍යවරයා ඇතුළු භාරකාර පාලනයේ කිසිවකුට මෙම සංක්‍රාන්ති කාලය තුළ වෙනත් රාජ්‍යයක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමේ හැකියාවක් නොවේ. ඒ හේතුව මත අදාළ ගිවිසුම අත්සන් කිරීම පිණිස රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායන් සහ ක්‍රමවේද නොසකලා ශ්‍රී ලංකාවේ සිටින ජපාන තානාපතිවරයා එරටට ගෙන්වා ගැනීමට ජපන් තාවකාලික ආණ්ඩුවට සිදු වී ඇත. රාජ්‍යතාන්ත්‍රික ආරංචිමාර්ග පවසන්නේ එය සම්පූර්ණ වැරදි ක්‍රියාවක් බවයි.

ජනප්‍රිය පුවත්  ධර්ම දේශනාව අවලංගුයි! බුදු පිළිමයත් අතුරුදන්! "සාදු" කියන්න පින්වතුනි!

නදුන් ගොඩහේවා underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x