July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මෙරට සජීවී දරු උපත් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළට

1 min read

2025 වසර දක්වා වූ පසුගිය දශකය තුළ මෙරට සජීවී දරු උපත් ප්‍රමාණය එක්ලක්ෂ විසිදහසකින් පමණ පහළ ගොස් තිබේ.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ නව දරු උපත් දිරිගැන්වීම සඳහා රජය සියලු සහන ලබාදෙන බවයි.

2015 වසරේ සිට 2025 දක්වා පසුගිය දශකය තුළ මෙරට සජීවී දරු උපත් සංඛ්‍යාව අඛණ්ඩ ලෙස පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් පවතී.

එම පහත වැටීම 2019 වසරෙන් පසු වඩාත් කැපීපෙනෙන අතර සමස්තයක් වශයෙන් 2019 – 2025 අතර කාලය තුළ සජීවී දරු උපත් සංඛ්‍යාව ආසන්න වශයෙන් 33%කින් අඩුවී තිබේ.

මේ අතර, 2019 වසරේ මෙරටින් වාර්තා වී ඇති මුළු සජීවී දරු උපත් සංඛ්‍යාව 319,010කි.

එම අගය 2020 වනවිට 301,706ක්, 2021 වනවිට 284,848ක් , 2022 වනවිට 275,321ක්, 2023 වනවිට 247,900ක්, 2024 වනවිට 220,761ක් සහ ගතවූ වසර එනම් 2025 වන විට 214,570ක් දක්වා ක්‍රමිකව පහත වැටී තිබේ.

මේ තත්ත්වයට බලපා ඇති හේතු මොනවාද?

ජනප්‍රිය පුවත්  කන්ටේනර් 12ක් මුදාහැරීම ගැන හෙළිදරව්වක් !

මෙම තත්ත්වයට හේතු වශයෙන් ප්‍රධාන කරුණු කිහිපයක් අනාවරණ කරගෙන තිබේ.

විවාහවන වයස ඉහළයාම, විවාහ අනුපාතය පහළ යාම, ජීවන වියදම වැඩිවීම,ප්‍රජනන වයසේ සිටින තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් රටින් පිටතට සංක්‍රමණය වීම, විදේශ රැකියාවල නියුක්ත වීමෙන් කලත්‍රයන් තාවකාලිකව හෝ දිගුකාලීනව ඈත්වී සිටීම, කුඩා පවුල් සඳහා ඇති කැමැත්ත, උසස් අධ්‍යාපනය සහ රැකියා අවස්ථා සඳහා කාන්තා සහභාගීත්වය වැඩිවීම වැනි කරුණු ඊට අයත් වෙයි.

ඊට අමතරව පවුලේ ප්‍රමාණය සහ දරුවන් බිහිකිරීමේ නිසි කාලය පිළිබඳ ආකල්ප වෙනස්වීම, පවුල් සැලසුම් ක්‍රම භාවිතය වැඩිවීම, මඳ සරුභාවය සහ වඳභාවය වැනි කරුණු ද ඊට බලපා තිබේ.

කෙසේවෙතත් දිගුකාලීනව ජනගහනය පවත්වාගැනීමට ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යා යුතු ප්‍රශස්ත දරු උපත් සංඛ්‍යාව වසරකට දළ වශයෙන් 330,000 – 360,000ක් පමණ වෙයි.

නමුත් ගතවූ වසර සැලකීමේදී එම අගය පවතින්නේ 214,570ක් වැනි ප්‍රශස්ත මට්ටමට වඩා පහළ අගයකයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x