August 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්ගේ සාක්ෂිය මාධ්‍යයට තහනම්

1 min read

පසුගිය ජූලි 5 වනදා සහ 6 වනදා මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී සිදුවීමට අදාළව, එකල එහි රාජකාරි කළ ප්‍රධාන ජේලර්වරයා ලබා දුන් සාක්ෂිය කිසිදු මාධ්‍යයක පළ කිරීම වළක්වමින් මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම සාක්ෂියෙහි ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි සහ දැඩි සංවේදීතාවයකින් යුත් තොරතුරු ඇතුළත් වන බව පෙන්වා දෙමින් මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී මෙම නියෝගය ලබා දුන්නාය. එමෙන්ම අදාළ සාක්ෂි සටහන් අධිකරණය භාරයේ ඉතා ආරක්ෂිතව තබා ගන්නා ලෙසද නියෝග කෙරිණි.

මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් වික්‍රම ජයන්ත කුමාර මහතා ඊයේ (30) පස්වරු 1.00 සිට 3.00 දක්වා පැය දෙකක කාලයක් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී ඇත.

මීට අමතරව, ජූලි 6 වනදා බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයෙන් කැඳවන ලද බන්ධනාගාර නිලධාරීන් 89 දෙනා පිළිබඳ සවිස්තර වාර්තාවක් මෙන්ම සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස පිළිබඳ වාර්තාවක්ද බන්ධනාගාර බලධාරීන් විසින් ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.

ජනප්‍රිය පුවත්  අනුර තුමාට උවිඳු තුමාගෙන් තවත් ප්‍රශ්නයක්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x