July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීගමුව නගරාධිපති ඉවත් කිරීමත් කාදිනල්ගේ වැඩක් !

1 min read

මීගමුව මහා නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද සිය ධූරයෙන් ඉල්ලා අස් වූයේ ඊයේ (15) ය. ඒ සඳහා බලපෑ හේතුව ලෙස ඔහු සඳහන් කර තිබුණේ “පෞද්ගලික හේතු” ය. එහෙත් අප කළ විශේෂ විමර්ශනයේ දී අප වෙත වාර්තා වූයේ එය අගරදගුරු, කාදිනල් මැල්කම් රංජිත්ගේ නියෝගයකට අනුව සිදුකරන ලද්දක් බවය.

මෙයට හේතු වී ඇත්තේ මීගමුව වැල්ලවීදියේ වාහන රථ අංගනයට සහ මීගමුව ලෙල්ලමේ බදු මුදල් එකතු කිරීම නගර සභාව විසින් සිදුකිරීම සඳහා රොබට් හීන්කෙන්ද පියවර ගැනීමය. මෙතෙක්, නීති විරෝධී ලෙස මීගමුව වැල්ලවීදියේ සහ මීගමුව ලෙල්ලමේ බදු මුදල් එකතු කිරීම සිදුකර ඇත්තේ මීගමුව මහ පල්ලිය විසිණි.

මෙම ක්‍රියාව නීති විරෝධී බැවින්, එය වහාම නවතා, අදාල බදු මුදල් එකතු කිරීම නගර සභාව විසින් සිදුකිරීමට රොබට් හීන්කෙන්ද මහතා පියවර ගෙන තිබේ.

මෙමගින් උරණ වූ කතෝලික පල්ලිය, කාදිනල් මැල්කම් රංජිත් මගින් ජනාධිපති අනුර කුමාරට දන්වා ඇත්තේ වහාම මීගමුව නගරාධිපතිව සිටින රොබට් හීන්කෙන්දව එම තණතුරෙන් ඉවත් කරන ලෙසය.

පසුව, ජනාධිපතිවරයා අදාල නියෝගය අමාත්‍ය විජිත හේරත්ට දන්වා තිබේ. අමාත්‍ය විජිත හේරත්ගේ බලකිරීම මත, රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇත.

ජනප්‍රිය පුවත්  පට් පට් ගාලා නඩු වළලන සූරසේන! අධිකරණය සුන්!

නීතීඥයෙකු වන රොබට් හීන්කෙන්ද නගරාධිපති වශයෙන් යම්කිසි සාර්ථකත්වයක් පෙන්වන ලද අයකු බව ප්‍රදේශවාසින්ගේ මතය වී තිබේ.

මෙමඟින් පැහැදිලිවන්නේ කාදිනල් අගරදගුරු මැල්කම් රංජිත්ට වත්මන් ආණ්ඩුව කෙරෙහි කොපමණ බලපෑමක් සිදුකළ හැකිද යන්න බව, මේ පිළිබඳව දන්නා ජ.වි.පෙ. අනුගාමිකයෝ අතර සාකච්ඡා වෙමින් තිබේ.

  • තාරක අඹන්පිටිය
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x