මැයි මස වාහන ආනයනය 20%කින් ඉහළට
1 min read
පුද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ආනයනය ඉකුත් අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී සියයට 20 කින්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 250 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ අනුව, ජනවාරි සිට මැයි දක්වා වසරේ පළමු මාස පහක කාලය තුළදී මෝටර් රථ ආනයනය සඳහා වැයවූ සමස්ත ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,071 කි.
