මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. – මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
1 min read
මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.
මාලිමාවේ මැති ඇමතිලා සංවාදවලට ගොස් අනාගන්නා විට ඔවුන් කෙසේ වුවත් ජනාධිපතිවරයා හෝ හොඳ දෙයක් කරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ බවත්, දැන් ඔහු කරන කියන දේ අනුව ඒ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවත් උන්වහන්සේ පවසති.
ජනාධිපති උපාසක මහතාගේ කපටිකම් මේ වන විට හෙළිවී ඇති බවත්,
ඥානසාර හිමිගේ ගැටලුව සම්බන්ධයෙන් මහ නායක හිමිවරු බන්ධනාගාර කොමසාරිස්වරයාට යැවූ ලිපියට මුලින්ම කලබල වූයේ ජනාධිපතිවරයා බවත්, 22 සංශෝධනයට විරෝධය දක්වමන් මහනායක හිමිවරුන් යැවූ ලිපිය කුණු කූඩයට දමා මේ ලිපියට මෙතරම් කලබල වූයේ ඇයි දැයි පැහැදිලි වන බවත් උන්වහන්සේ පවසති.
ඥානසාර හිමියන් සිරගත කිරීමෙන් පසු ගැටුමක් ඇතිකර සිදුකිරීම නියමිතව තිබූ සැලසුමක් සම්බන්ධයෙන් ද උන්වහන්සේ මෙහිදී අනාවරණය කර සිටියහ.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න.. https://www.facebook.com/watch/?v=3526966260815797
