October 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව කැකිරාවේදී මහ සංඝරත්නයෙන් විරෝධතාවක්..

1 min read

බන්ධනාගාරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ගලවා ඉවත් කර ගිහි ඇඳුමෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියට විරෝධය පාමින් කැකිරාව නගරයේදී මහ සංඝරත්නය එක්ව විරෝධතා පාගමනක නිරත වී තිබේ.

කැකිරාව, පලාගල සහ පලුගස්වැව යන ප්‍රදේශවල විහාරස්ථාන නියෝජනය කරමින් වැඩම කළ හිමිවරුන් පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටි බව වාර්තා වේ.

කැකිරාව නගරයට රැස්වූ උන්වහන්සේලා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ පාගමනකින් කැකිරාව ඔරලෝසු කණුව වටරවුම වෙත පැමිණ එහි රැස්වෙමින් සිය විරෝධතාව පළ කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x